leader s

වහා ජාතික වෛද්‍ය කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලෙස ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) විශේෂ නියෝගයක් නිකුත් කළේය.


31 හැවිරිදි සීමාවාසික වෛද්‍යවරියක් ඉකුත් දා ඉන්දියානු රෝහලක් තුළ දූෂණය කර මරා දැමීමත් සමග දීපව්‍යාප්ත වෛද්‍ය උද්ඝෝෂණයක් දියත් කෙරිණි. උද්ඝෝෂණ හේතුවෙන් සමස්ත ඉන්දියානු රෝහල් පද්ධතියම අකර්මණ්‍ය වී තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය යටතේ ස්ථාපිත කෙරෙන වෛද්‍ය කාර්ය සාධක බලකාය මගින් වැඩබිම ආරක්ෂාව පිලිබඳ නියාමන, යෝජනා කෙරේ. ඉකුත් 09 වැනි දින ඉන්දියාවේ කොල්කටා (Kolkata) රාජ්‍ය රෝහලක සිදු වූ මෙම සිදුවීම සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය වහා අධිකරණයට  දන්වන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය එරට පොලිස් දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය. 

අපරාධය සම්බන්ධයෙන්, මේ වන විට ස්වේච්ඡා පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇත. 

වැඩවර්ජනයේ නියුතු වෛද්‍යවරුන් විසින් සියලු හදිසි නොවන රෝගී ප්‍රතිකාර සිදු කිරීම තවදුරටත් ප්‍රතික්ෂේප කර තිබේ. 

මීට පෙර, 2012 දී, 21 හැවිරිදි ඉන්දියානු ශිෂ්‍යාවක බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග කාන්තා සහ ලිංගික හිංසනය පිලිබඳ ඉන්දියානු නීති දැඩි කෙරුනද, ඉන් කිසිදු ඵලක් වී නැතැයි එරට කාන්තා ක්‍රියාකාරීහු පවසති. 

ඉන්දියාවේ කාන්තාවන් තව දුරටත් ලිංගික හිංසනයට ලක්වීම ඉතා කණගාටුවට කරුණක් බව ඔවුහු පෙන්වා දෙති. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )

මූලාශ්‍ර:
India's top court sets up doctors' panel on workplace safety after rape, murder


සබැඳි පුවත් :
වෛද්‍යවරියක් අමානුෂික ලෙස ඝාතනයට නැවතත් ඉන්දියාව වීදි බසී

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්