leader s

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu), සටන් විරාම ගිවිසුමකට එකඟතාව පල කළ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) ඊයේ (19) මාධ්‍යයට ප්‍රකාශ කළේය.

නව සටන් විරාමයට එකඟ වන ලෙස හමාස් සංවිධානයට බල කරන බවද ඔහු ප්‍රකාශ කළේය. 

ඉකුත් දින කිහිපය තුළ කටාර් රාජ්‍යයේ පැවති සටන් විරාම සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව බ්ලින්කන් පවසයි. සාකච්ඡා වලින් අනතුරුව, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ඊශ්‍රායල අගමැති අතර පැය දෙකහමාරකට ආසන්න කාලයක සාකච්ඡා පැවති බව අල්ජසීරා (Aljazeera) පුවත් සේවය වාර්තා කරයි. 

සටන් විරාමයකට එකඟවීම පිණිස හමාස් සංවිධානයට ලැබෙන හොඳම සහ අවසන් අවස්ථාව මෙය වෙතැයි ද රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රකාශ කර තිබේ. 

මේ අතර, ඊශ්‍රායලය තුළ යළිත් වරක් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කරන බවට හමාස් සංවිධානය විසින් තර්ජනය කර තිබේ. ඉකුත් ඉරු දින (18) රාත්‍රියේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් (Tel Aviv) අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම හමාස් සංවිධානය විසින් භාර ගෙන ඇත. 

ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හමුවේ, ඊයේ (19) දිනයේ පමණක්, ගාසා තීරයේ පලස්තීනුවන් 30 ක ට අධික පරිසක් මරණයට පත්වී ඇතැයි වෛද්‍ය වාර්තා අනාවරණය කරයි. 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සංහිඳියාව පිලිබඳ කිසිදු සලකුණක් දක්නට නැතැයි යුද විශ්ලේෂකයෝ පෙන්වාදෙති. දෙපාර්ශ්වය  අතර පවතින ගැටුම්, තව දුරටත්, කලාපීය යුද තත්වයක් තෙක් වර්ධනය වීමේ වැඩි ඉඩක් පවතින බවද ඔවුහු පවසති. 

ගැටුම් අවසන් කළ හැක්කේ හමාස් සංවිධානය, හමුදාමය සහ දේශපාලනික වශයෙන් පූර්ණ බිඳ දැමීමකින් පමණක් බව ඊශ්‍රායලය පවසයි. හුදු තාවකාලික සටන් විරාමයක් නොව තිරසර සටන් විරාම ගිවිසුමකට පමණක් සිය එකඟතාව පළ කරන බව හමාස් සංවිධානය ද ප්‍රකාශ කරයි. 

එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට පක්ෂපාතී තීන්දු තීරණ පමණක් ගන්නා බවට හමාස් නිලධාරීහු චෝදනා කරති. එක්සත් ජනපදය තවදුරටත්, ඊශ්‍රායලයේ බලපෑමට නතුව ඇතැයි ඔවුහු පවසති.

මේ අතර, හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති ඊශ්‍රායල වැසියන්ගේ පවුල් සාමාජිකයින් විසින් ඊයේ (19) යළිත් වරක් විරෝධතා දියත් කර තිබේ.  

සිය තරුණ දරුවන්ගේ සහ තවත් ඊශ්‍රායල වැසියන් ගණනාවකගේ ජීවිත පරදුවට තබා සටන් කිරීම වහා නතර කරන ලෙස ඔවුන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට බල කරමින් මෙම විරෝධතාවල නියැළි බව අල්ජසීරා පුවත් සේවය පවසයි. 

ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ගෙන් බහුතරයක් ද අවසන් සටන් විරාමයක් පිලිබඳ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ යෝජනා පිලිබඳ සැක පල කරති. 

(Aljazeera  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර: 

Blinken says Israel accepts Gaza proposal, urges Hamas to do same


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්