ගාසා තීරයේ අවතැන් පලස්තීනුවන් රැඳී සිටි පාසලකට සහ පොදු වෙළඳ මධ්‍යස්ථානයකට එල්ල කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාර දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20
දෙනකුවත් මරණයට පත්වී ඇතැයි අල්ජසීරා (Aljazeera ) පුවත් සේවය වාර්තා කරයි. ප්‍රහාරය ඊයේ (20) සිදු කර තිබේ.
මධ්‍යම ගාසා තීරයේ දෙරෙල් බලා (Deir el-Balah) හි ජනාකීර්ණ පොදු වෙළඳ මධ්‍යස්ථානයක ට එල්ල කළ එක් ප්‍රහාරයකින් පලස්තීනුවන් 8 දෙනකු මියගොස් ඇතැයි, සිද්ධිය ඇසින් දුටු, එම අවස්ථාවේ ඒ ආසන්නයේ රැඳී සිටි අල්ජසීරා මාධ්‍යවේදිනියක වන හින්ද් ඛෞදරී ( Hind Khoudary ) විසින් වාර්තා කර තිබේ. මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව ද ඇය පවසයි.
"ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය ඉතා ජනාකීර්ණ සහ කාර්ය බහුලව පැවති අතර, ආසන්න වීදි සියල්ල රථ වාහන වලින් පිරී තිබුණා. එනිසා, මරණකරුවන් සහ තුවාලකරුවන් සංඛ්‍යාව ඉහළ යා හැකියි. ප්‍රහාරය සිදු වූ ස්ථානයේ සිට කිලෝ මීටරයකටත් අඩු, ආසන්න දුරකින් පිහිටි අලක්සා (Al-Aqsa) රෝහල වෙත මෘත දේහ සහ තුවාල කරුවන් රැගෙන විත් තිබුණා.
තුවාල ලැබූ කුඩා දරුවන් ඇතුළු පලස්තීනුවන් 10 දෙනකුවත් රෝහල් දැඩි සත්කාර ඒකකයට වහා ඇතුළු කෙරුණා. ඔවුන්ගේ තත්වය බරපතලයි," යනුවෙන් ඇය විසින් අල්ජසීරා පුවත් වෙත පවසා තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලත් වැඩි පිරිස කුඩා දරුවන්ය.
ප්‍රහාරයෙන් තුවාල ලත් වැඩි පිරිස කුඩා දරුවන්ය. රුධිරය වෑහෙන තුවාල වලින් යුක්තව ඔවුන් සියලු දෙනා වෛද්‍යාධාර ලැබෙන තෙක් රෝහල් කොරිඩෝව මත රඳවා සිටි බව ද ඇය විසින් වාර්තා කර තිබේ.
බටහිර ගාසා හි පාසල් පරිශ්‍රයට එල්ල වූ දෙවන ඊශ්‍රායල ප්‍රහාරයෙන් පුද්ගලයින් 8 දෙනකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
(Aljazeera ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )
මූලාශ්‍ර:
Israel strikes market and school in Gaza, killing at least 20 Palestinians






