leader s

පුද්ගලයින් 17 දෙනකුට මරු කැඳවමින් සහ තවත් 40 ක ට තුවාල සිදු කරමින් ඉකුත් බදාදා (21) දකුණු ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනාගාරයක සිදුවූ හදිසි පිපිරීම

 රසායනික ද්‍රාවන කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇතැයි ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තාවකින් අනාවරණය වන බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.

සේවකයින් 400 ක ගෙන් පමණ සැදුම් ලත්, ආන්ද්‍ර ප්‍රදේශයේ අනකපල්ලි දිස්ත්‍රික්කයේ (Anakapalli district) ආර්ථික කලාපයක් තුළ පිහිටි, එස්සියෙන්ශියා සමූහයට අයත් (Escientia Group) පුද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් තුළ බදාදා දිවා විවේකයේදී මෙම අනතුර සිදු විය.


ඇමෙරිකා එක්සත් ජනපදයට සහ තවත් බටහිර රටවල් රැසක් වෙත අපනයනය පිණිස එහි, ඖෂධ හා සම්බන්ධ රසායන නිෂ්පාදනය කෙරේ.

 

india 2පුද්ගලයින් 17 දෙනකුට මරු කැඳවමින් සහ තවත් 40 ක ට තුවාල සිදු කරමින් ඉකුත් බදාදා (21) දකුණු ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනාගාරයක සිදුවූ හදිසි පිපිරීම

අනතුරට අදාළ රසායන ද්‍රාවනය එහි පළමු මහළේ සිට බිම් මහළ වෙත කාන්දු වී තිබේ. අධි වාෂ්පශීලී එම ද්‍රාවනය හේතුවෙන් එහි විදුලි සැපයුම් පද්ධතිය ගිනි ගැනීමත් සමග පිපිරීම සිදුවි ඇත.

අනතුර සිදුවන අවස්ථාව වනවිටත්, අදාළ සේවකයින්, හදිසි තත්වයක් වලක්වාගැනීමට කටයුතු කරමින් සිටි බව කර්මාන්තශාලා නිලධාරියකු ප්‍රකාශ කළේ  යැයි   රොයිටර්ස් පුවත් සේවය පවසයි.

 

unnamed 12ඇමෙරිකා එක්සත් ජනපදයට සහ තවත් බටහිර රටවල් රැසක් වෙත අපනයනය පිණිස එහි, ඖෂධ හා සම්බන්ධ රසායන නිෂ්පාදනය කෙරේ.

නිෂ්පාදනාගාරය තුළ ප්‍රමිතිගත ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළ බවට ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරියකුගෙන් ලද පැමිණිල්ලක් මත, එම ආයතනයට එරෙහි චෝදනා ගොනු කර ඇතැයි  පොලීසිය පවසයි.

මීට වසරකට පමණ ඉහත, දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මෙම දිස්ත්‍රික්කයේම ඖෂධ නිෂ්පාදනාගාරයක සිදුවූ මෙවැනිම හදිසි අනතුරකින් පුද්ගලයින් දෙදනකු ජීවිතක්ෂයට පත් වී තවත් 5 දෙනෙක් තුවාල ලැබූහ. ඊට පසු, එහි සිදුවූ දරුණුතම කාර්මික හදිසි අනතුර මෙයයි.


(Reuters ඇසුරින් සටහන -  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර :
Deadly Indian pharmaceutical blast blamed on chemical solvent leak


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්