ඊයේ (22) නිරිතදිග අයිස්ලන්තයේ රෙයික්ජන්ස් අර්ධද්වීපයේ (Reykjanes peninsula) ගිනිකන්දක් පුපුරා ගියේය.
ඉකුත් දෙසැම්බර මස සිට මේ වන විට එය සය වතාවක් පුපුරා ගොස් ඇතැයි එරට කාලගුණ කාර්යාලය පවසයි.
ගිනි කඳු අනතුර හේතුවෙන්, පසුගිය නොවැම්බර මස සිට ඒ ආසන්නයේ පිහිටි ධීවර ගම්මානයක පදිංචිකරුවන් 4000ක් පමණ ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ගිනිකඳු අභ්‍යන්තරයේ තව දුරටත් සීග්‍රයෙන් ලාවා එක්රැස් වෙමින් ඇතැයි ඒ පිලිබඳ විමර්ශනය කරන පර්යේෂකයෝ පවසති. මේ හේතුවෙන් ආසන්න ප්‍රදේශය මත නව විදාරණ සිදුවිය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
ගිනිකඳු අභ්‍යන්තරයේ තව දුරටත් සීග්‍රයෙන් ලාවා එක්රැස් වෙමින් ඇතැයි ඒ පිලිබඳ විමර්ශනය කරන පර්යේෂකයෝ පවසති
නිරිතදිග අයිස්ලන්තයේ රෙයික්ජන්ස් අර්ධද්වීපය ආශ්‍රිත ජනගහනයෙන් 30,000 ක පමණ පිරිසක් මෙම ගිනිකඳු කලාපය ආශ්‍රිතව ජීවත් වෙති.
එය එම සමස්ත ජනගහනයෙන් 8% ක ප්‍රතිශතයකි. අර්ධද්වීපය තුළ තවත් දශක හෝ ශතවර්ෂ ගණනාවක් තෙක් ගිනිකඳු විදාරණ සිදු විය හැකි බවට පුරෝකථනය කර තිබේ.
අයිස්ලන්තය මේ වන විට 400,000 ක පමණ ජනගහනයක් සහිත රටකි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර :
Iceland volcano erupts, spewing lava fountains






