leader s

ඊයේ උදෑසන දකුණු ලෙබනනයට ඊශ්‍රායලය දරුණු ප්‍රහාර රැල්ලක් දියත් කළේය.

"දෙවියන් වෙත යන ගමනේදී", සිය සගයන් දෙදෙනකු මරණයට පත්වූ බව හිස්බුල්ලා කැරලිකරුවෝ පවසති. 

 

 

ඊශ්‍රායලයට "කනේ පහර" එල්ල කරන බව පවසමින් හිස්බුල්ලා කැරලිකරුවන් විසින් උතුරු ඊශ්‍රායලයට දියත් කළ නව මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් හමාස් සංවිධානය සිය ප්‍රසාදය පළ කරයි. හුති (Huthi) ත්‍රස්තවාදීන් විසින් ද, ඒ පිළිබඳව හමාස් සංවිධානයට ස්තුතිය පළ කර තිබේ.  

ලෙබනනයේ සිට සිදු කෙරෙන හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බව අල්ජසීරා (Aljazeera) පුවත් අනාවරණය කරයි. 

 

gaza745ලෙබනනයේ සිට සිදු කෙරෙන හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බව අල්ජසීරා (Aljazeera) පුවත් අනාවරණය කරයි. 
සියලු හිස්බුල්ලා මිසයිල ප්‍රහාර සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin  Netanyahu) පවසයි. ප්‍රතිප්‍රහාර අනිවාර්ය බවද ඔහු අවධාරණය කරයි. 

අවම වශයෙන් අද (26) දිනය අවසන් වන තෙක්, ප්‍රංශ ගුවන් සේවය, මැද පෙරදිග කලාපය වෙත සිදු කෙරෙන සියලු ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ. කලාපය තුළ ආරක්ෂාව තහවුරු වූ වහාම යළි ගුවන් සේවා ආරම්භ කරන බව ගුවන් සේවය දැනුම් දෙයි. 

Lebanon 2සියලු හිස්බුල්ලා මිසයිල ප්‍රහාර සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin  Netanyahu) පවසයි.

 

ගාසා බටහිර ඉවුරේදී, පලස්තීනුවන් 35 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල හමුදා පවසයි. 10,200 ක ට අධික පලස්තීනුවන් පිරිසක්, බටහිර ඉවුරේදී මේ දක්වා ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට පත් වී තිබේ. 

මේ අතර, ගාසා තීරයේ පිහිටි එකම යුරෝපීය රෝහල යලි සක්‍රීය බව එහි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, දෙමසකට අධික කාලයක් එය වසා දැමීමට සිදු විය. මේ වන විට එහි හදිසි, විකිරණශීලී, කැතීටර, හෘද හා ළදරු සැත්කම් අංශ යලි ක්‍රියාත්මකය. ඖෂධ බෙදා හැරීම් සහ රෝහල් පරිපාලන කටයුතු ද සාමාන්‍ය තත්වයට පත් කර තිබේ. වෛද්‍ය කාර්ය මණ්ඩල ඊයේ එහි හදිසි ශල්‍යකර්ම දෙකක්ද, සිදු කළහ. 

616026නොබෝ දිනකින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන යටතේ, කලාපයේ ළමුන් 600,000 ක ට පෝලියෝ එන්නත් ලබා දීමට නියමිතය. 

 

ලෝක සෞඛ්‍ය සංවිධානය (UNICEF), යුනිසෙෆ් සහ එක්සත් ජාතීන්ගේ (UN) අනුබද්ධ ආයතන රැසක් එක්ව ගාසා තීරයේ විශේෂ පෝලියෝ එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට ද සැලසුම් කර තිබේ. නොබෝ දිනකින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන යටතේ, කලාපයේ ළමුන් 600,000 ක ට පෝලියෝ එන්නත් ලබා දීමට නියමිතය. 

(Aljazeera  ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Israel-Palestine conflict | Live updates | Today's latest from Al Jazeera


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්