leader s

යුක්‍රේනයේ උතුරු, නැගෙනහිර සහ දකුණුබද ප්‍රදේශ කිහිපයකට රුසියාව එකවර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ලයින් 4 දෙනකු මියගොස් 37 දෙනකු තුවාල ලබා ඇත.


රුසියාව විසින් ඊයේ (25) දිනය පුරා මෙම ප්‍රහාර එල්ල කර තිබේ. 

යුක්‍රේන යුද පෙරමුණ වෙත එම ප්‍රහාර එල්ල කළ බව රුසියාව පවසයි. 

 



එහෙත්, රුසියානු මිසයිල ප්‍රහාර එම ඉලක්කයන්ට පතිත නොවූ බව යුක්‍රේනය සඳහන් කරයි.

ප්‍රහාර හේතුවෙන්, ද්‍රව ඉන්දන වායු සැපයුම් නලයකට සහ නිවාස කිහිපයකට ද හානි සිදුවූ බව යුක්‍රේනය පවසයි. 

රුසියාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර නවයකින් අටක් සාර්ථකව ව්‍යර්ථ කළ බව ඔවුහු පවසති. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Russian attacks on Ukraine kill 4 and injure 37


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්