leader s

රොයිටර්ස්  (Reuters) පුවත් සේවයේ ආරක්ෂක උපදේශක රයන් එවන්ස් (Ryan Evans), යුක්‍රේනයට එල්ලවූ රුසියානු ප්‍රහාර වලින් මරණයට පත් වූ බව එම පුවත් සේවය තහවුරු කරයි.


රොයිටර්ස් පුවත් සේවයේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද ප්‍රහාරවලින්  තුවාල  ලැබූහ.

ඊයේ (25) රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රමාටෝස්ක් (Kramatorsk) නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මෙම අනතුරු සිදු වී තිබේ.

 

රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රමාටෝස්ක් (Kramatorsk) නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මෙම අනතුරු සිදු වී තිබේ.

එවන්ස් ඇතුළු රොයිටර්ස් මාධ්‍යවේදීන් 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රැඳී සිටි සෆායර් (Sapphire ) හෝටලයට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ. තුවාල ලත්  මාධ්‍යවේදියකුගේ තත්වය බරපතල බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

බ්‍රිතාන්‍ය  සොල්දාදුවකු ලෙස කලක් සේවය කළ එවන්ස්, 2022 දී රොයිටර්ස් පුවත් සේවයට එක්විය.

 

2024 08 25T223556Z 120897960 RC26N9A10F8T RTRMADP 3 UKRAINE CRISIS REUTERS 1724634475බ්‍රිතාන්‍ය  සොල්දාදුවකු ලෙස කලක් සේවය කළ එවන්ස්, 2022 දී රොයිටර්ස් පුවත් සේවයට එක්විය.

යුක්‍රේනයේ, ඊශ්‍රායලයේ, පැරිස් ඔලිම්පික් තරගාවලියේ සහ ලොව තවත් රටවල් ගණනාවක මාධ්‍යවරණ කටයුතුවල නියැලි එහි මාධ්‍යවේදීන්ට අවශ්‍ය ආරක්ෂක උපදේශන ලබා දීමට ඔහු කටයුතු කළේය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 38 කි.

 



(Reuters ඇසුරින් සටහන :  හ ර් ෂ උදයකාන්ත)


මූලාශ්‍ර:

Reuters safety adviser killed, two journalists injured in Ukraine's Kramatorsk


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්