leader s

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජය පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ විත්තිකරුවන් 37 දෙනකුට ඊයේ (13) එරට අධිකරණයක් මරණ

දඬුවම නියම කළේය.

විත්තිකරුවන් අතර ඇමෙරිකානු ජාතිකයින් තිදෙනෙක් ද වන බව  රොයිටර්ස් (Reuters) පුවත් සේවය ප්‍රකාශ කරයි.

පසුගිය මැයි 19 වන දින එරට කින්ෂාසා (Kinshasa) අගනුවරට කඩා වැදුණු සන්නද්ධ කැරලිකරුවෝ, ජනාධිපති කාර්‍යාලය වටලා, කොංගෝ රාජ්‍යය පැහැර ගැනීමේ අසාර්ථක කුමන්ත්‍රණයක යෙදුණහ.

 පසුගිය මැයි 19 වන දින එරට කින්ෂාසා (Kinshasa) අගනුවරට කඩා වැදුණු සන්නද්ධ කැරලිකරුවෝ, ජනාධිපති කාර්‍යාලය වටලා, කොංගෝ රාජ්‍යය පැහැර ගැනීමේ අසාර්ථක කුමන්ත්‍රණයක යෙදුණහ.

එහිදී ආරක්ෂක අංශ විසින් සිදු කළ වෙඩි තැබීමෙන්, සන්නද්ධ කැරලි නායක, ඇමෙරිකානු පුරවැසි බව හිමි කොංගෝ දේශපාලනඥයකු ද  වූ ක්‍රිස්ටියන් මලන්ගා (Christian Malanga) ඝාතනය විය.

ඊයේ, මරණීය දණ්ඩනයට නියම කෙරුණු පිරිස අතර, ඔහුගේ පුත් විසි හැවිරිදි මාසෙල් මල්න්ගා (Marcel Malanga) ද වේ.

කුමන්ත්‍රණයට සහභාගී නොවී නම්, තමන්ව මරා දමන බවට සිය පියා විසින් තර්ජනය කළ බවත්, ඒ හේතුවෙන්,  මීට පෙර කිසි දිනෙක නොපැමිණි,  කොංගෝවට පා තැබීමට සිදු වූ බවත්, ඔහු විසින් මීට පෙර අධිකරණයට පවසා තිබිණි.

 

සන්නද්ධ කැරැල්ලට එක් වූ ඔහුගේ ව්‍යාපාර හවුල් කරුවකු වූ බෙන්ජමින් සල්මන් පොලුන්

සන්නද්ධ කැරැල්ලට එක් වූ ඔහුගේ ව්‍යාපාර හවුල් කරුවකු වූ බෙන්ජමින් සල්මන් පොලුන් (Benjamin Zalman-Polun) ට සහ මිත්‍ර ටයිලර් තොම්ප්සන් (Tyler Thompson) ට ද අධිකරණය  මරණ දණ්ඩනය නියම කළේය.

අපරාධ පිණිස කුමන්ත්‍රණය කිරීම, ත්‍රස්තවාදය සහ තවත් චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කෙරිණි. තිදෙනාම ඇමෙරිකානු පුරවැසියෝ වෙති.

රජයට එරෙහි අසාර්ථක කැරැල්ලට එක්වූ  50 දෙනකුට අධික පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනිණි. ඒ අතර, ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, කැනඩා සහ  බෙල්ජියන්  පුරවැසිභාවය හිමි පිරිසක් ද වෙති.

American Marcel Malanga, fourth right, stands with others during a court verdict in Congo, Kinshasa, Friday Sept .13, 2024, on charges of taking part in a coup attempt in May 2024. (AP Photo/Samy Ntumba Shambuyi)කින්ෂාසා අගනුවර නදොලෝ (Ndolo) හමුදා සිර මැදිරි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකර තිබූ කූඩාරමක දී ඔවුන්ට එරෙහි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි

 

කින්ෂාසා අගනුවර නදොලෝ (Ndolo) හමුදා සිර මැදිරි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකර තිබූ කූඩාරමක දී ඔවුන්ට එරෙහි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. විත්තිකරුවන්ට සමාව ලබා දී නිදහස් කරන ලෙස ඔවුන්ගේ පවුල්වල ඥාතීහු මීට පෙර ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීම් ද සිදු කළහ.


නඩු විභාගය නිරීක්ෂණයට එරට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් ද එක් විය. අධිකරණ තීන්දුවට එරෙහි අභියාචනා ගොනු කිරීමට හැකියාව පවතින බව ඔවුහු ප්‍රකාශ කරති.

 




( Reuters ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:
Three US citizens sentenced to death in Congo over role in failed coup


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්