leader s

හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කළ බව ඊයේ (17) ඊශ්‍රායල හමුදා තහවුරු කළේය. අග්‍රාමාත්‍ය නෙතන්යාහු එය නිල වශයෙන් ජාත්‍යන්තරයට දැනුම් දුන්නේය.

 

ඊශ්‍රායල වැසියන් 1200ක් ඝාතනය කරමින්, තවත් 250කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයට පත්කළ 2023 ඔක්තෝබර 07 ප්‍රහාරයේ මහ මොළකරු වුයේ සින්වාර්ය. ඒ සමග ඇවිළුණු  ගාසා යුද්ධයෙන්, මේ වන විට 43,000කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් ලක්ෂ ගණනක් අවතැන් ව සිටිති.


ගාසා තීරය එකම සුනුබුන් තීරයකි. ඉරාන පිහිටෙන්, හමාස් සංවිධානයට සහාය පල කරන, හිස්බුල්ලා සංවිධානය සොයා ඊශ්‍රායලය දෙවනුව සිය යුද හස්තය ලෙබනනය වෙත යොමු කළේය. හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුමින් මේ වන විට, 2000කට අධික පිරිසක් මරු වැළඳ සිටිති.

 

ගාසා තීරය එකම සුනුබුන් තීරයකි.

ගාසා තීරයට සමානව, ලක්ෂ ගණනින් සාමාන්‍ය ජනතාව තව දුරටත්, ගැටුම් පවතින ප්‍රදේශ වලින්, නිවෙස් හැර පලායමින්, අවතැන්ව සිටිති. හමාස් නායක, සින්වාර් ඝාතනය වන්නේ මැද පෙරදිග ගැටුම අතිශය උග්‍ර තත්ත්වයකට පත්වෙමින් පවතින මෙවන් වටපිටාවකය. ඔහු සිය ජනතාව ද මරාගෙන මැරුනු නායකයෙකි.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර, සින්වාර් ඝාතනය ජයටම සැමරිණි. වීදි බට දහස් ගණන් ඊශ්‍රායල ජනතාව බෙර ගසමින් ප්‍රීතිඝෝෂා නැගූහ.

මෙම ඝාතනයත් සමග, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය නව අදියරකට යොමු කරන බව හමාස් හිතවාදී හිස්බුලා සංවිධානය පවසයි. ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර අතිශය දැඩි කරන බව ඔවුහු සිය නවතම නිවේදනයෙන් කියා සිටිති.

 

හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල සහ අනෙකුත් විදෙස් ප්‍රාණ ඇපකරුවන්, නිදහස් කෙරෙන තෙක් හෝ මුදා ගැනෙන තෙක් හමාස් ත්‍රස්තයින්ට එරෙහි ප්‍රහාර නොනවත්වන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි


සින්වාර්ගේ ඝාතනය, මැද පෙරදිග ගැටුම එකහෙළා නවතා දැමීමට  ලද මහඟු අවස්ථාවක් බව බටහිර රාජ්‍යය නායකයෝ රැසක් පවසති. එහෙත්, හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල සහ අනෙකුත් විදෙස් ප්‍රාණ ඇපකරුවන්, නිදහස් කෙරෙන තෙක් හෝ මුදා ගැනෙන තෙක් හමාස් ත්‍රස්තයින්ට එරෙහි ප්‍රහාර නොනවත්වන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

"අද  අපේ ගණන් හිලව් බේරගත්තා. යක්ෂයා වෙත මරු පහරක් එල්ල කළා. එහෙත්, අපේ කාර්යය මෙතෙකින් නිම නොවේ," යැයි  ඉකුත් බදාදා (16) ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, හමාස් නායකයා ඝතනය කළ බව එරට හමුදා විසින් ඩී.එන්.ඒ. (DNA) පරික්ෂා මගින් ඊයේ තහවුරු කිරීමෙන් පසු, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තරය අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසීය.

"මේ නම්,  යුද්ධයේ අතිශය වැදගත් අවස්ථාවක්. එහෙත්, ඊශ්‍රායලයෙන් උදුරා ගත් ඔබේත්, අපේත් ආදරණීයයන් යළි රැගෙන එන තෙක්, මම මේ සටන අත්නොහරිමි," යි  ඔහු හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල වැසියන්ගේ පවුල් සාමාජිකයින් අමතා කියා සිටියේය.  

 

ඔහු ඝාතනය වුයේ පසුගිය බදාදා ඊශ්‍රායල හමුදා ගාසාහි සිදු කළ භූමි මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදීය

හමාස් සංවිධානයේ දේශපාලන ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉකුත් ජුලි මස ටෙහෙරානයේදී, සූක්ෂ්ම ඊශ්‍රායල බුද්ධි මෙහෙයුමකින් ඝාතනය වීමත් සමග, යහ්යා සින්වාර් එහි සමස්ත නායකත්වයට පත්වූයේය. ඉකුත් දශක දෙකක පමණ කාලයක් මුළුල්ලේ ගාසා හි හමාස්  අඳුරු  උමං ගුහා පද්ධතියේ තැන තැන සැඟව ත්‍රස්ත ප්‍රහාර මෙහෙයවමින් සිටි ඔහු, ඉන් පිටතට පැමිණ ප්‍රසිද්ධියේම සිය ත්‍රස්ත කල්ලියට අණ දීම ආරම්භ කළේය.


ඔහු ඝාතනය වුයේ පසුගිය බදාදා ඊශ්‍රායල හමුදා ගාසාහි සිදු කළ භූමි මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදීය. එහෙත්, සිය වෙඩි වරුසා මධ්‍යයේ, මැරී වැටුණේ,  සතුරු හමුදා නායකයා බව හෝ මව්බිමේ අංක එකේ පසමිතුරු ප්‍රධානියා බව, එතෙක්, ඊශ්‍රායල හමුදාවෝ දැන නොසිටියහ.  

ප්‍රහාරයන්ගෙන් විනාශයට පත් ගොඩනැගිල්ලක් තුළ, ඇඳි පුටුවක් මත දෑත් විදහා වැටී සිටි, දුහුවිලි වැකුණු සින්වාර් ගේ මළ සිරුරේ ඩ්‍රෝන දර්ශන ඊශ්‍රායල හමුදා මාධ්‍යයට මුදා හළහ.

 

dead sinvarප්‍රහාරයන්ගෙන් විනාශයට පත් ගොඩනැගිල්ලක් තුළ, ඇඳි පුටුවක් මත දෑත් විදහා වැටී සිටි, දුහුවිලි වැකුණු සින්වාර් ගේ මළ සිරුරේ ඩ්‍රෝන දර්ශන ඊශ්‍රායල හමුදා මාධ්‍යයට මුදා හළහ.

මේ අතිශය තීරණාත්මක ඝාතනය පිලිබඳ හමාස් සංවිධානය මෙතෙක්, කිසිත් ප්‍රකාශ කර නැත. එහෙත්, එහි අභ්‍යන්තර කතා බහෙන් පැහැදිළි වන්නේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය නායකයා නිසැක වශයෙන්ම ඝාතනය වී ඇතැයි ඔවුන් දැන් පිළිගෙන ඇති බව යැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

 




(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Hezbollah says it will escalate war with Israel after Hamas leader killed


සබැඳි පුවත් :

ඊශ්‍රායල අගමැතිවරයා හමාස් නායක ඝාතනය ජාත්‍යන්තරයට දැනුම් දෙයි

හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය තහවුරු කෙරේ

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්