leader s

අද සිට ඔස්ට්‍රියාවට ගෑස් නතර කරන බව රුසියාව ඊයේ (15) දන්වා යැවීය. ඒ සමග යුරෝපය වෙත කෙරෙන රුසියානු ගෑස් සැපයුම් මුළුමනින්ම අත්හිටවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


සෝවියට් රුසියානු සමූහාණ්ඩු අවධියේ සිට යුක්‍රේනය හරහා ගෑස් බෙදා හැරීම පිණිස ස්ථාපිත කරන ලද නල පද්ධතියක්, මෙම වසර අවසානයේ පූර්ණ වශයෙන් වසා දැමීමට රුසියාව විසින් තීරණය කර තිබේ. ඒ සමග, එරට සිට යුරෝපය වෙත කෙරෙන ගෑස් බෙදා හැරීම් සම්පූර්ණයෙන්ම නතර කෙරේ.

යුක්‍රේනය හරහා වැටී ඇති, අන්තර් හුවමාරු රුසියානු ගෑස් නල පද්ධතිය සම්බන්ධ ගිවිසුම යාවත්කාලීන නොකරන බව යුක්‍රේනය රජය කියයි. තම රට හරහා එලන ලද ගෑස් බෙදා හැරීමේ නල පද්ධතිය ඔස්සේ, රුසියාව, යුක්‍රේනයට එරෙහි යුද්ධයට අවශ්‍ය මූල්‍ය වත්කම් උත්පාදනය කරන බැවින්, එම තීරණය ගත් බව ද යුක්‍රේනය පවසයි.


 

යුක්‍රේනය ඔස්සේ රුසියානු ගෑස් මිලදී ගන්නා ප්‍රධානම රට ඔස්ට්‍රියාවයි.  එම සැපයුම්  අත්හිටුවීමත් සමග, රුසියානු ගෑස්  අපනයනය හංගේරියාව සහ ස්ලෝවැකියාව තෙක් සීමා කෙරේ. හංගේරියාව වෙත රුසියානු ගෑස් බෙදා හැරෙන්නේ තුර්කිය හරහා එලන ලද නල මාර්ගයකිනි.

2022 රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණයට පෙර, යුරෝපය වෙත  කෙරෙන ගෑස් සැපයුමෙන් 40%කම රුසියාව විසින් සිදු කෙරිණි.

 

GettyImages 1237051306 scaledඔස්ට්‍රියා චාන්සලර්, කාර්ල් නෙහැමර්

රුසියානු ගෑස් සැපයුම් අත්හිටුවීම දීර්ඝ කාලයක සිට අපේක්ෂාවෙන් සිටි බව ඔස්ට්‍රියා චාන්සලර්, කාර්ල් නෙහැමර්  (Karl Nehammer) පවසයි. එරට, කල්තියා ඊට මුහුණ දීමට සූදානමින් පසු වූ බව ඔහු කියා සිටී. කිසිදු නිවසක්, ළඟ එන සීත සෘතුවේ, තනි නොකරන බවත්, සියල්ලන්ට ගෑස් සැපයීම පිණිස ප්‍රමාණවත් සංචිත රට තුළ පවතින බවත් ඔහු ප්‍රකාශ කරයි.


රුසියාව, බලශක්තිය අවියක් බවට පත්කරගෙන ඇතැයි, යුක්‍රේන විදේශ අමාත්‍ය  ඇන්ඩ්‍රි සිබිහා ( Andrii Sybiha ) එක්ස් (X) පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කර සිටී. එහෙත්, යළි අමාරුවේ නොවැටී, බලශක්ති සුරක්ෂිතතාව ඇති කර ගැනීමට ඔස්ට්‍රියාවට හැකිවෙතැයි අපේක්ෂා කරන බව ඔහු විසින් එහි සඳහන් කර තිබේ.

 

 1x 1

යුරෝපය සිය ගෑස් පරිභෝජනය වෙනුවෙන් රුසියාව මත යැපුණු යුගය දැන් අවසන් බව ද ඔහු කියා සිටී. එමගින් රුසියාවේ බලශක්ති ආදායම මෙන්ම යුක්‍රේනයට එරෙහි යුද්ධය තවදුරටත් පවත්වාගැනීමට අවශ්‍ය යුද අරමුදල් ද කප්පාදු වන බවත් හෙතෙම පවසයි.

රුසියාව සිය ගෑස් සැපයුම් අත්හිටුවීමත් සමග ජර්මනිය, ඉතාලිය සහ නෙදර්ලන්තය හරහා ඔස්ට්‍රියාව වෙත ගෑස් ආනයනය කිරීමට කටයුතු කරන බව, එරට විශාලතම ගෑස් සැපයුම්කරු ප්‍රකාශ කරයි.

2022 රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග, රුසියානු ගෑස් සැපයුම් මත යැපෙන, යුරෝපයේ ගෑස් මිල ඉහළ ගියේය. ඊට විකල්ප ලෙස, එම රටවල් වෙත සිදු කෙරෙන එක්සත් ජනපද  ස්වභාවික වායු ඉන්ධන සැපයුම වැඩි කෙරිණි.  

 

amarica gasඇමෙරිකාව ලොව විශාලතම ගෑස් නිෂ්පදකයා වේ

ඇමෙරිකාව ලොව විශාලතම ගෑස් නිෂ්පදකයා වේ. එරට ගෑස් නිෂ්පාදනය තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි.

1968 දී සෝවියට් සමූහාණ්ඩුව ගෑස් කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කිරීමත් සමග ඔස්ට්‍රියාව රුසියාවෙන් ගෑස් මිලදී ගැනීම ආරම්භ කළේය. ඔස්ට්‍රියාව රුසියානු ගෑස් මිලදී ගැනීමට එක්වූ ප්‍රථම බටහිර යුරෝපීය රටවල් අතරින් එකක්ද වේ. එම ගිවිසුමෙන් මාස කිහිපයකට පසු රුසියාව චෙකොස්ලෝවැකියව ආක්‍රමණය කළේය.

ජර්මනියද, රුසියානු ගෑස් මත විශාල ලෙස රැඳී සිටි ආර්ථිකයකි. එහෙත් 2022, බෝල්ටික් මුහුද අභ්‍යන්තරයේ එලා තිබූ නොර්ඩ් ස්ට්‍රීම් නල පද්ධතිය පුපුරවා හැරීමත් සමග, ජර්මනිය වෙත සිදු කළ රුසියානු ගෑස් බෙදා හැරීම නතර විය. ජර්මනිය කැමැත්ත පළ කරන්නේ නම්, ඒ පිලිබඳ යළි සලකා බලන බව රුසියාව පවසයි.

 

uid 92eeddef23b4447faa07a7a20fb1460c width 1280 play 0 pos 0 gs 0 height 720 the conversation between german chancellor olaf scholz l and russian president vladimir putin r was the first time the two leaders had spoඔස්ට්‍රියාව වෙත රුසියානු ගෑස් සැපයුම නතර කිරීමේ තීරණයට පෙර, රුසියානු ජනපති, ව්ලැඩිමිර් පුටින් සහ ජර්මානු චාන්සලර්, ඔලාෆ් ෂොල්ට්ස්  (Olaf Scholz) අතර දුරකථන සංවාදයක් ද පවත්වා තිබේ.

ඔස්ට්‍රියාව වෙත රුසියානු ගෑස් සැපයුම නතර කිරීමේ තීරණයට පෙර, රුසියානු ජනපති, ව්ලැඩිමිර් පුටින් සහ ජර්මානු චාන්සලර්, ඔලාෆ් ෂොල්ට්ස්  (Olaf Scholz) අතර දුරකථන සංවාදයක් ද පවත්වා තිබේ.

පසුගිය වසරේ, රුසියාව, යුක්‍රේනය හරහා ගෑස් කියුබික්  මීටර බිලියන 15ක් අපනයනය කළේය. එම වසරේ, යුක්‍රේනය හරහා වැටී ඇති සැපයුම් නල මාර්ගය ඔස්සේ, ඔස්ට්‍රියා, හංගේරියා සහ ස්ලෝවැකියා ගෑස් ඉල්ලුමෙන් 65%ක් සරි  කෙරිණි.  

හංගේරියාව තව දුරටත් යුක්‍රේනය හරහා මහා පරිමාණ ලෙස  ගෑස් ආනයනය නොකරන අතර, විකල්ප ලෙස කළු මුහුදු පත්ලේ එලා ඇති  ටර්ක්ස්ට්‍රීම් (TurkStream) නල මාර්ගය ඔස්සේ සිය ගෑස් ආනයන සපුරා ගනී. එහෙත්, ස්ලෝවැකියාව තවදුරටත් යුක්‍රේනය ඔස්සේ රුසියානු ගෑස් මිලට ගනිමින් සිටී.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:

Austria says Russia to cut off gas from Saturday

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්