ටොන් 15 කට අධික මානුෂීය ආධාර රැගත් ඉතාලි ගුවන් හමුදා යානයක් අද (16) ගාසා තීරය බලා පිටත් විය.
C-130J දරන එම ගුවන් යානය අද මධ්‍යම ඉතාලියේ පීසා නගර ගුවන්තොටුපොළින් පිටත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එරට පුණ්‍ය ආයතනයක් මගින් එම මානුෂීය ආධාර සියල්ල එක් රැස් කර තිබේ.
ගාසා තීරයේ අවතැන්ව සිටින සියල්ලන් වෙත ශක්ති ප්‍රමාණයෙන් මානුෂීය ආධාර අඛණ්ඩව ලබා දීමට සූදානමින් පසුවන බව එරට ආරක්ෂක අමාත්‍ය ගුයිඩෝ ක්‍රොසෙටෝ (Guido Crosetto) පවසයි. සිය එකම පැතුම එහි ගැටුම් නතරවනු දැකීම බව ද ඔහු කියා සිටී.
ගුවන් යානය සයිප්‍රස් හි ලාර්නකා (Larnaca) ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව අදාළ ආධාර ගාසා තීරය වෙත ප්‍රවාහනය කෙරේ.
මෙම වසර මුල ඉතාලිය, 'ගාසා තීරයට ආහාර' වැඩසටහන ආරම්භ කළේය. එතැන් සිට අඛණ්ඩව එහි පලස්තීන ජනතාව වෙත මානුෂීය ආධාර යැවීමට ඉතාලිය කටයුතු කරමින් සිටී.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Italy sends more than 15 tons of humanitarian aid to Gaza






