leader s

අද උදෑසන රුසියාව යළිත් වරක් යුක්‍රේනයේ කිව් අගනුවරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයත් සමග අසල්වැසි පෝලන්තය සිය ගුවන් හමුදා සීරුවෙන් තබා තිබේ.

රුසියාව විසින් කෲස් සහ බැලස්ටික් මිසයිල මෙන්ම නියමුවන් රහිත යානා මගින් දිගින් දිගටම පහර දෙන බවත්, ඒ හේතුවෙන් පෝලන්තය සහ නැටෝ මිත්‍ර සන්ධාන රටවල ගුවන් හමුදා යානා අවට අහස පීරමින් සෝදිසි හි නිරතව සිටින බවත්, පෝලන්තයේ හමුදා අණ දෙන මූලස්ථානය එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා ඇත.

 

පෝලන්තයේ සියලු ගුවන් ආරක්ෂක මෙහෙයුම් සහ මිසයිල නාශක භූමි රාඩාර් පද්ධතීන් ද උපරිම සූදානම් තත්ත්වයේ රඳවා ඇතැයි එම පණිවුඩයේ සඳහන්ය. 

අද උදැසන ප්‍රහාරයත් සමග යුක්‍රේනයේ දකුණුදිග සැපොරිස්සියා (Zaporizhzhia) නගරයෙන් සහ ඔඩෙසා කළු මුහුදු වරාය නගරය දෙසින් විශාල පිපුරුම් හඬ වාර්තා වේ. 

යුක්‍රේන අහස පුරා, විවිධ වර්ගයට අයත් කෲස් මිසයිල ගුවනේ හඹා යමින් පවතින මොහොතක, ඉක්මන් ආරක්ෂාව පතා වහා ක්‍රියාත්මක වන ලෙස හමුදාව එරට ජනතාවට දැනුම් දුන්නේය. ආරක්‍ෂිත පියවරක් ලෙස, කිව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර ඇත.

 

අද උදෑසන රුසියානු මිසයිල ප්‍රහාරයට පෙර, ඊයේ (16) මධ්‍යම රාත්‍රිය පුරාවට කිව් අගනුවර වෙත අඛණ්ඩ රුසියානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙමින් පැවතිණ. ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග නේවාසික ගොඩනැගිල්ලක් මතට පතිත වූ ඩ්‍රෝන සුන්බුන් හේතුවෙන් එහි වහල මුළුමනින්ම ගින්නෙන් දැවී ගිය බව ප්‍රදේශවාසීහු පවසති. ඉන් එක් පුද්ගලයකු තුවාළ ලබා සිටී.

ප්‍රහාරවලින් හානියට පත් ප්‍රදේශ වෙත කඩිනම් සහන සේවා ක්‍රියාත්මක කර තිබේ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Blasts shake key Ukraine cities, Poland scrambles air force after Russian missile attack


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්