අද බීරුත් නුවර අධික තදබදයක් සහිත ප්‍රදේශයක පිහිටි නේවාසික ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ,
හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆිෆ් (Mohammad Afif) ඝාතනය විය.
ඒ පිලිබඳ වැඩි විස්තර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා විසින් මෙතක් සඳහන් කර නැත.
දකුණුදිග බීරුත් වෙත එල්ල කෙරෙන ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ අවතැන් ජනතාව විශාල ලෙස රැඳී සිටින රාස් අල්නබා ( Ras al-Nabaa) ප්‍රදේශයට අද ප්‍රහාර එල්ල කෙරිණි.
එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයුකු ජීවිතක්ෂයට පත්ව තිදෙනකු තුවාළ ලබා ඇතැයි, ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ලෙබනනයේ බාත් (Ba'ath) පක්ෂ සාමාජිකයින් රැඳී සිටි ගොඩනැගිල්ලක් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බවත්, ඝාතනයට පත් වූ බවට සැක කෙරෙන අෆිෆ් එහි රැඳී සිටි බවත්, පැවසේ.
ප්‍රහාරය සිදු වූ ස්ථනය වෙත කඩිනමින් ගිලන් රථ ලඟා වූ අතර එහි අනවශ්‍ය පිරිස් ඒකරාශී වීම වැළක්වීමට ආරක්ෂක භට පිරිස් අහසට වෙඩි තැබූ බව වාර්තා වේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israeli strike on Beirut kills Hezbollah media head, security sources say






