leader s

අද, ගාසා තීරයේ තට්ටු නිවාස ගොඩනැගිල්ලකට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි

වාර්තා වේ.

උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකට එම ප්‍රහාර එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවතත්, එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 70 කට අධික පිරිසක් රැඳී සිටි බව පලස්තීන සිවිල් හදිසි සේවා බලධාරීහු පවසති.

මිය ගිය සංඛ්‍යාව 72ක් විය හැකි යැයි හමාස් පාලනය යටතේ ඇති ගාසා රාජ්‍ය මාධ්‍ය කාර්යාලය පවසයි. අවම වශයෙන් එම ගොඩනැගිල්ල තුළ පවුල් හයක් වත් වාසය කළ බව වාර්තා වේ.

ප්‍රහාරය පිලිබඳ ඊශ්‍රායල පාර්ශ්වයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය නොවේ.

හමාස් මාධ්‍ය, සත්‍ය තොරතුරු සඟවා, බොරු ප්‍රචාර සිදු කරමින් තත්ත්වය අනවශ්‍ය ලෙස උලුප්පා දක්වන බව ඊශ්‍රායල හමුදා චෝදනා කරති.

විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතරින් මළසිරුරු පිටතට ගනිමින් පවතින දර්ශන රැගත් වීඩියෝවක් රොයිටර්ස් පුවත් සේවය විසින් නිරීක්ෂණය කර තිබේ. ප්‍රහාරයෙන් අවට නිවාස රැසකට ද බරපතල හානි සිදු වී ඇතැයි එහි දැක්වෙන බව රොයිටර්ස් පවසයි.

ගාසා තීරයේ බෙයිට් ලහියා හි පැවති භූමි සටන්වලදී ඊශ්‍රායල යුද රථයක් පුපුරවා හළ බව හමාස් ලැදි ඉස්ලාමික ජිහාඩ් සංවිධානය අද පැවසීය.

අද අළුයම සිදු කළ තවත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, මධ්‍යම ගාසා තීරයේ බුරෙයිජ් (Bureij) කඳවුරේ රැඳී සිටි 10 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරවලින් යාබද නුසෙරත් (Nuseirat) කඳවුරේ සිටි තවත් සිව් දෙනක්ද ඝාතනය වූහ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Dozens killed and wounded in Israeli strikes across Gaza, medics and Hamas media say


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්