leader s

ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇවිලේ.


පසුගිය දා පැවති එරට පාර්ලිමේන්තු මැතිවරණයේ, ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් මහජන නොසන්සුන්තා ඇති වීමත් සමග අද, රට පුරා වීරෝධතා හට ගැනිණි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ දරමින් සිටී. එහෙත්, පොලිස් අණ නොතකා ඔවුහු දිගින් දිගටම විරෝධතාවල නිරත වෙමින් ඇතැයි, රුසියාවේ ටාස් (TASS), රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි.

විරෝධතාකරුවෝ පොලිසිය දෙසට ගල් මුල් දමා ගසමින් ඇතැයි ද, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස්  ප්‍රහාර එල්ල කර තිබේ යැයි ද, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

එරට නවතම තත්ත්වය පිලිබඳ ජෝර්ජියානු රජය මෙතෙක්, කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Police, protesters clash in Georgia's Tbilisi, Russia's TASS agency reports

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්