leader s

එක්සත් ජනපදය ගෙන ආ සටන් විරාම යෝජනාවකට, ලෙබනනය සහ හිස්බුල්ලා සංවිධානය විසින් එකඟතාව පල කර තිබේ.

ඒ අනුව, ඊශ්‍රායලය සමග සටන් විරාමයකට සූදානම් බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.

ලෙබනනය ඒ පිළිබඳව, ලිඛිතව, එරට සිටින එක්සත් ජනපද තානාපති වෙත දන්වා යවා ඇතැයි ද වාර්තා වේ. එම දන්වා යැවීමත් සමග ධවල මන්දිර නියෝජිත ඇමස් හොක්ස්ටයින් (Amos Hochstein) සටන් විරාම සාකච්ඡා යළි ආරම්භ කිරීම පිණිස බීරුත් අගනුවර බලා පිටත් විය. එහෙත්, නව යෝජනා පිලිබඳ ඊශ්‍රායලය මුනිවත රකිමින් සිටී.

 

ඊශ්‍රායලය සමග සටන් විරාම සාකච්ඡාවන්ට මුලපුරන්නැයි, ඉරාන සහාය හිමි සන්නද්ධ සටන් කල්ලියක් වන හමාස් සංවිධානය, සිය හිතවාදී ලෙබනන් කතානායක නබිහ් බෙරී (Nabih Berri) ගෙන් පසුගිය දා උදක්ම ඉල්ලා සිටියේය. 

එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ එම නවතම යෝජනාවට හිස්බුල්ලා සංවිධානය යොමු කළ ලිඛිත ප්‍රතිචාර ධනාත්මක බව ද වාර්තා වේ. 

සටන් විරාම යෝජනාවට දැක්වූ සියලු ලෙබනන ප්‍රතිචාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 1701 වන වගන්තියට පූර්ණ ලෙස අනුකූලව, ඉදිරිපත් කර ඇතැයි, ලෙබනන කථානායකවරයාගේ සමීපතමයකු වන හසන් ඛලිල් (Hassan Khalil) පවසයි.

 

ali hassan

2006 වසරේ දී හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයට මුලපිරුණේ ද එම ප්‍රඥප්තියේ 1701 වන වගන්තියේ සහායෙනි. එහෙත්, නවතම තත්ත්වයේ සාර්ථකත්වය මුලුමනින්ම ඊශ්‍රායලයේ ප්‍රතිචාරය මත රඳා පවතිනු ඇතැයි ද, ඊශ්‍රායලය ඊට එකඟ නොවන්නේ නම්, ඉදිරියෙදී තවත් දහසක් ගැටළු පැන නැගීම වලක්වාලිය නොහැකි යැයි ද ඔහු කියා සිටී.

Israeli Strike in Beirut

 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 1701 වන වගන්තිය, කිසිවිට, ඒ ආකාරයෙන් ක්‍රියාත්මකව නැතැයි, ඊශ්‍රායලය දිගු කලෙක සිට චෝදනා කරමින් සිටී.

සන්නද්ධ හිස්බුල්ලා සටන්කරුවන් සහ ඔවුන්ට අයත් යුදෝපකරණ සිය දේශසීමා ඔස්සේ තව දුරටත් රඳවා තැබීමට ඉඩ දීම ඊට හේතුවයි. සිය ගුවන් කලාපය ආක්‍රමණය කිරීම පිලිබඳව ලෙබනනය, ඊශ්‍රායලය වෙත දිගින් දිගටම චෝදනා කර සිටී.

සටන් විරාමයක් පිලිබඳ අදහස නොතකා, හමුදා ක්‍රියාන්විත මගින් පමණක් ඊශ්‍රායලය සිය යෝජනාවන්ට පිළිතුරු දෙමින් ඇතැයි ඛලිල් ප්‍රකාශ කරයි. එහෙත්, සටන් විරාම සාකච්ඡා පිලිබඳ සිය ස්ථාවරය නොවෙනස්ව ඇතැයි ද ඔහු දන්වා සිටී.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Lebanon, Hezbollah agree to US proposal for ceasefire with Israel, Lebanese official says


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්