leader s

චීනය බ්‍රිතාන්‍යය අභිබවා වඩාත් බලවත් මෘදු බලය සහිත රට ලෙස ලොව දෙවන ස්ථානය හිමි කර ගනී. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය ඊයේ(20) හයවන වාර්ෂික ගෝලීය මෘදු බල දර්ශකය නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. එම දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ඇමරිකාවටයි.
 
එම වාර්තාවට අනුව, චීනය සමස්ත ලකුණු 100 න් 72.8 ක වාර්තාගත ශ්‍රේණිගත කිරීමක් ද පෙන්නුම් කරයි. මෙම දර්ශකයේදී සලකා බැලෙන මූලික කරුණු 8න් 6කදී සහ මිනුම්ගත ලක්ෂණ තුනෙන් දෙකකදී සැලකිය යුතු වර්ධනයක් ද චීනය සටහන් කර ඇත.  “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ තුළ තිරසාරත්වය ප්‍රමුඛ කොට සැලකීම සහ දේශීය වෙළඳ නාම ප්‍රවර්ධනය යන කරුණු මෙම සාර්ථකත්වයට හේතු වූ බවද සඳහන් වේ.
 
ඇමරිකාව 79.5 ක ලකුණු ප්‍රමාණයක් හිමි කර ගනිමින් පළමු ස්ථානය හිමි කර ගත්ත ද, ගෝලීය කීර්තිනාමය ශ්‍රේණිගත කිරීමේදී මෙවර ස්ථාන හතරක් පහතට වැටී 15 වන ස්ථානයට පත්විය. තවද එරට පාලන දර්ශකය ස්ථාන හතරකින් පසුපසට ගොස් 10 වන ස්ථානය‍ට පත්ව ඇත.
DSC03937 scaled
 
මේ අතර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ සභාපති David Haigh ප්‍රකාශ කළේ 2025 ශ්‍රේණිගත කිරීම චීනයේ ආර්ථික ආකර්ෂණය වැඩි දියුණු කිරීමට, එරටට අනන්‍ය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම සුරක්ෂිත සහ මනා පාලනයක් සහිත රාජ්‍යයක් ලෙස එරට කීර්තිනාමය ඉහළ නැංවීමට දරන තිරසාර උත්සාහයන් පෙන්නුම් කරන බවයි.
 
දිනුෂි ධීරසිංහ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්