අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අද (26) විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.
ඒ, ඩොලර් මිලියන 5ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බව පවසමිනි.
මෙම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සති දෙකකින් පමණ මෙම නව 'ගෝල්ඩ් කාඩ්' විකිණීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති බවයි.
ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට 'ග්‍රීන් කාඩ්' ලොතරැයිය ක්‍රියාත්මක අතර ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි 'ගෝල්ඩ් කාඩ්' ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට ද හිමිවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි.
එහිදී ධනවත් විදේශිකයින් හට ඩොලර් මිලියන 5ක ගාස්තුවකට අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගත හැකි බවත්, එමගින් අමෙරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතිය ද ඔවුන්ට හිමි වන බවත් ඔහු මෙහිදී කියා සිටී.






