leader s

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් COVID-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ සොයා බැලීම සිදු වනවා.

මේ සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර යළි මතභේදයක් ඇති වී තිබෙනවා. ඒ  මේ දිනවල පැවැත්වෙන 78 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී දෙපාර්ශ්වය ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමත් සමගයි.

COVID-19 වෛරස ව්‍යාප්තියේ මූලාරම්භය සොයා බැලීම දේශපාලනීකරණය නොකරන්නැයි එහිදී චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව චීන මාධ්‍ය වාර්තා කළා. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු එම සමුළුවේදී අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන වෙත බලපෑම් එල්ල කිරීම ද ඇමරිකාව වහාම නතර කළ යුතු බවයි.

කොරෝනා දෙවන රැල්ලක් : චීනයේ වූහාන් පළාතෙන් අලුත් ආසාදිතයන් පිරිසක් !

 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට පැවසූ රටක්, එම සංවිධානයට අඛණ්ඩව සිය උපරිම සහයෝගය ලබා දෙන චීනය වැනි රටක් විවේචනය කිරීම පුදුම සහගත බව ද චීනය පවසනවා. ඇමරිකාව හරි වැරැද්ද පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු නොකරන අතර චීනය සෑමවිටම කිසිදු අනවශ්‍ය බලපෑමක් සිදු නොකර ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය සහයෝගය ලබා දී ඇති බව චීන නියෝජිතයා එහිදී සඳහන් කර තිබෙනවා.

COVID-19 වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජාත්‍යන්තර ප්‍රජාව සමග සියලු තොරතුරු හුවමාරු කර ගනිමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකාව ඇතුළු රටවල් 153කට වෛද්‍ය උපකරණ මෙන්ම මූල්‍ය දායකත්වය ද චීනය විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම වෛරස ව්‍යාප්තියේ විද්‍යාත්මක මූලාරම්භය පිළිබඳ පරීක්ෂණ සඳහා විශේෂඥ කණ්ඩායම් චීනයට පැමිණ ඒකාබද්ධ අධ්‍යයන සිදු කර ඇති අතර එහිදී චීනයේ රසායනාගාර කාන්දුවක් වෛරස ව්‍යාප්තියට හේතු වූ බව කිසිසේත් සිදු විය නොහැකි දෙයක් බව ඔවුහු නිගමනය කළ බව ද චීනය පවසනවා.

කොරෝනා වෛරසය : චීනයේ සිටින ලාංකික සිසුන් මුහුණදී සිටින තත්වය මෙන්න

 

එමෙන්ම ඇමරිකාව සිය රට තුළ COVID-19 වෛසරයේ ආරම්භය සහ ප්‍රතිචාරයන් පිළිබඳව ඇතැම් පාර්ශ්ව මතු කළ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට නිසි පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව ඇති බවයි චීනය පවසන්නේ.

සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්