leader s

සිය ජංගම දුරකතනවලින් වට්ස්ඇප් (WhatsApp) මෘදුකාංගය ඉවත් කරන්නැයි ඉරානය එරට වැසියන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ මෙම ඉල්ලීම කර ඇති බවත් මෙම ඉල්ලීම කර ඇත්තේ අඟහරුවාදා (18) බවත් වාර්තා වේ.

වට්ස්ඇප් යනු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය අයත් මෙටා සමාගමට අයත් පණිවුඩ හුවමාරු කෙරෙන ජාලයකි.
 
iran 45g565765
පණිවුඩය ජාලය තුළින් තොරතුරු රැස් කරගනිමින් ඒවා ඊශ්‍රායලයට යැවෙන බවත් ඉරාන වැසියන් සිටින ස්ථාන හඳුනාගැනීමට මෙම මෘදුකාංගය උපකාරී වන බවත් ඉරාන බලධාරීන් සඳහන් කර ඇත.
වට්ස්ඇප්වලට අමතරව, ටෙලිග්‍රෑම් (Telegram) ඇතුළුව ස්ථාන පදනම් කරගත් මෘදුකාංග සියල්ල භාවිතයෙන් ඉවත් වන්නැයි ද, අදාළ මෘදුකාංග ජංගම දුරකතනවලින් ඉවත් කරන්නැයි ද ඉරාන බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා ඇත.
 
whatsappchqbru
කෙසේ නමුත් වට්ස්ඇප් සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ජනතාවට අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී මෙලෙස පණිවුඩ හුවමාරු කරගන්නා මෘදුකාංගයක් සීමා කිරීමට පියවර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බව ද සඳහන් කර ඇත. ඉරානය මෙලෙස පියවර ගන්නේ තමන්ගේ සේවා ඉරානය තුළ අවහිර කිරීමට විය හැකි යැයි ද වට්ස්ඇප් සමාගම ප්‍රකාශ කර ඇත.
 වට්ස්ඇප් ඔස්සේ යැවෙන පණිවුඩ ඉතාමත් ආරක්ෂිත බවත් වට්ස්ඇප් සමාගමට වුවත් ඒවා බැලිය‌ නොහැකි බවත් සමාගම තවදුරටත් පවසා ඇත.
 
පරිශීලකයන් යන එන තැන් හෝ ඔවුන්ගේ හුවමාරු කරගන්නා පණිවුඩ මොනවාදැයි හෝ ඒ කිසිවක් වට්ස්ඇප් සමාගමට හෝ බැලිය නොහැකි බවත් සමාගමටවත් ඒවාට ප්‍රවේශයක් නොමැති බවත් වට්ස්ඇප් සමාගමේ ප්‍රකාශකයකු ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.බී.එස් ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්