leader s

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළෙන බව ධවල මන්දිරය ඊයේ (17) නිවේදනය කළේ ය.

 

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කකුල් ඉදිමීමකට ලක්ව තිබෙන අතර වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයාට නිදන්ගත ශිරා ඌණතාවයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ වනවිට 79 වැනි වියේ පසුවන අතර ධවල මන්දිර වෛද්‍ය කණ්ඩායමත් ජනාධිපතිවරයාගේ වෛද්‍ය කැප්ටන් ෂෝන් බාබබෙලාත් ජනාධිපතිවරයා පරීක්ෂා කර තිබේ.

වෛද්‍යවරයා නිකුත් කරන ලද ලිපිය ද ධවල මන්දිරය මාධ්‍යයට නිකුත් කර ඇත.

 



‘ගැටලුවක් නැහැ- ජනාධිපතිවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා’ - වෛද්‍යවරයා

පසුගිය සති කිහිපයේ දී වෛද්‍යවරයාගේ පාද ඉදිමීමකට ලක්ව ඇති බවත් ඒ අනුව වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත් වෛද්‍යවරයාගේ ලිපිය ද උපුටා දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා කැරෝලීන් ලෙවියට් ඊයේ ප්‍රකාශ කළා ය.

වෛද්‍ය වාර්තාවලට අනුව මෙම රෝගී තත්ත්වය අවුරුදු 70 පසු කළ තැනැත්තන්ට ඇති වන සාමාන්‍ය රෝගී තත්ත්වයකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ද යොමු කර ඇති අතර ඒවා සාමාන්‍ය බව ද ධවල මන්දිර ප්‍රකාශිකාව සඳහන් කළා ය.

 

be56785678678jgyzz

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන විට 78 වැනි වියේ පසු වූ අතර ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වයස්ගතම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් ය. එවිට ඔහුගේ වයස අවුරුදු 78ක් සහ මාස හතක් විය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍යවරයා පවසා ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අතක තිබෙන සීරීම් සම්බන්ධයෙන් ද මෙහිදි කැරෝලීන් අදහස් දැක්වූ අතර, නිරන්තරයෙන් අතට අතට දීමත් හෘද රෝගී තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රින් ගැනීමත් නිසා ඇති වූ තත්ත්වයක් යැයි කීවා ය.

 

zm7iomi
ඇමෙරිකානු ජනාධිපතිවරයා නිරන්තරයෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර තමන් ඇමෙරිකාවේ සිටි සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා යැයි ද අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේ ය.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්