leader s

අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ කළ බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ ප්‍රවෘත්ති පත්‍රය හිමි ඩව් ජෝන්ස් සමාගමට සහ එහි හිමිකරු වන රූපට් මර්ඩොක්ට එරෙහිව නඩු පවරා ඇත.


ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක වන්දියක් ද ඉල්ලමින් මෙම නඩුව පවරා තිබෙන අතර ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නැතැයි ද ප්‍රවෘත්තිය මඟින් තමන්ට අපහාසයක් වූයේ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට චෝදනා කර තිබේ.

ab5u578980890232353454

ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටීන් ට, ඇමෙරිකානු ජනාධිපතිවරයා 2003 වසරේ දී යැවූ ලිපියක් පදනම් කරගනිමින් ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අදාළ ප්‍රවෘත්තිය පළ කර තිබේ.

ජෙෆ්රි එප්ස්ටීන්ගේ 50 වැනි උපන්දිනයට ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම කියන ලියුම යවා තිබෙන අතර නිරුවත් කාන්තාවකගේ චිත්‍රයක් ද එහි ඇඳ තිබී ඇතැයි වාර්තා වේ.

nznu676i7i677

මෙම ලිපිය අසත්‍යයක් බවත්, තමන් එවැනි ලිපියක් යැව්වේ නැති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේ ය.

“මම රූපට් මර්ඩොක්ට කිව්වා මේක බොරුවක් කියලා. ඔහු මේ බොරුව පළ නොකළ යුතුව තිබුණා. මම ඔහුට නඩු දානවා. ඔහුගේ මේ ජරා පත්තරේටත් මම නඩු දානවා” යැයි නඩු පැවැරීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පැවැසීය.

ruppert trump
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ මාධ්‍ය හිමිකරුවකු, ව්‍යාපාරිකයකු සහ ප්‍රබල චරිතයක් වන රූපට් මර්ඩොක් අතර දශක ගණනාවක් පැරැණි සම්බන්ධතාවයක් පවතී. කෙසේ නමුත් දෙදෙනා අතර නිරන්තරයෙන් මත ගැටුම් ඇති ව තිබෙන අතර එකිනෙකා, ප්‍රශංසා සහ වර්ණනා කරගත් අවස්ථා ද තිබේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මෙම ලිපිය පළ කිරීමට පෙර, ඇමෙරිකානු ජනාධිපතිවරයා, ධවල මන්දිරා ප්‍රකාශික කැරෝලයින් ලෙවිට්, ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ඇතැම් අය අදාළ ලිපිය පළ වීම වළක්වා ගැනීමට උත්සාහ දරා ඇත.

ලිපිය පළ කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙම පිරිස් වෝල් ස්ට්‍රීට් පුවත්පතට දන්වා ඇත.

අදාළ ප්‍රවෘත්තිය වෙනුවෙන් පෙනී සිටින බවත්, ප්‍රවෘත්තිය සත්‍ය බවත් ඕනෑම ආකාරයක නෛතික ක්‍රියාවකට පෙනී සිටීමට සූදානම් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුවත්පත හිමි ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රකාශයකු බී.බී.සී. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.

 

ruppert03ryt9834ජෙ‍ෆ්රි එප්ස්ටීන් යනු ලිංගික අපරාධ චෝදනාවලට වරදකරුවකු වන අතර ඔහු 2019 වසරේ දී මියගියේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු අතර මිත්‍රත්වයක් පැවැති බවට චෝදනා එල්ල වේ.
ජෙ‍ෆ්රි එප්ස්ටීන් යනු ලිංගික අපරාධ චෝදනාවලට වරදකරුවකු වන අතර ඔහු 2019 වසරේ දී මියගියේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු අතර මිත්‍රත්වයක් පැවැති බවට චෝදනා එල්ල වේ.

එප්ස්ටීන් ලොව ප්‍රමුඛ පෙළේ චරිත සමඟ සම්බන්ධතා පැවැත්වූ බවත්, කාන්තාවන් සහ තරුණියන්ම මෙන්ම වයස අවුරුදු 20ට අඩු දැරිවියන්, මෙම පිරිස්වලට සපයමින් ලිංගික ජාවාරම් සහ ලිංගික හිංසන කළ බවටත් චෝදනා එල්ල වූ අතර ඔහු චෝදනාවලට වරදකරු ද විය. ඊට අදාළ නඩු විභාගවල ලිපිලේඛන ප්‍රසිද්ධියට පත් කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ දී ප්‍රකාශ කළේ ය.

jeffv 7yrt4rter

කෙසේ නමුත් මෙම ලිපිලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂයෙන් මෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිස්වලින් ද ඔහුට චෝදනා එල්ල වන අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නම ද මෙම ලිපි ලේඛනවල තිබෙන බවට ට්‍රම්ප් පරිපාලනයට සමීපව කටයුතු කළ ඉලෝන් මස්ක් වරෙක චෝදනා කළේ ය.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්