leader s

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික, අධ්‍යාපන ‘ඒජන්සිය’ වන යුනෙස්කෝ (UNESCO) සංවිධානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් කටයුතු කර ඇත.


අමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝවෙන් ඉවත් වූ බව ඊයේ (22) නිවේදනය කළේය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් කරගත්තේ දෙවැනි වරට ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ පළමු ධුර කාලයේ දී ද ඇමෙරිකා එක්සත් ජනපදය, යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කරගත් අතර ජෝ බයිඩන් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එම තීරණය වෙනස් කරන ලදි.

යුනෙස්කෝ සංවිධානය, ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙයි.

අධ්‍යාපනය, විද්‍යාව, සහ සංස්කෘතිය යන අංශ ඔස්සේ ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් ලෝකය සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුනෙස්කෝ සංවිධානය පිහිටවන ලදි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ගත් මෙම තීරණය අනුව ඇමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීම නිල වශයෙන් ක්‍රියාත්මක වන 2026 දෙසැම්බර් 31 වැනිදා සිට ය.


AP25203380245318 1753190716

යුනෙස්කෝ සංවිධානය සංස්කෘතික බෙදීම් ඇති කරමින්, වර්ගවාදීව කටයුතු කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනතාව පසුගිය මැතිවරණයේ දී ඡන්දය දුන් වටිනාකම්වලට පරස්පරව කටයුතු කරන බවත් යුනෙස්කෝ සංවිධානයේ ක්‍රියාකලාපය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික අභිලාෂවලට නොගැලපෙන බවත් ඇමෙරිකාව මෙම ඉවත් වීමට හේතු ලෙස දක්වා ඇත.

 

යුනෙස්කෝ සංවිධානය ගෝලීයවාදී, ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවත්, මෙම ක්‍රියා පිළිවෙත, ඇමෙරිකා එක්සත් ජනපදයේ, ‘ඇමෙරිකාව පළමුව විදෙස් ප්‍රතිපත්තියට’ නොගැලපෙන බවත් මෙම ඉවත් වීමට හේතු දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තීරණය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන නමුත් මෙවැන්නක් බලාපොරොත්තුවෙන් සිටි බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානී ඕඩ්රි අසූලේ ප්‍රකාශ කළා ය.

යුනෙස්කෝ සංවිධානය මීට සූදානමින් සිටි බව ද ඇය කීවා ය.

යුනෙස්කෝ සංවිධානය ඔවුන්ට මූල්‍යාධාර ලැබෙන ආකාර විවිධාංගීකරණය කර තිබෙන බැවින් ඇමෙරිකාවේ ඉවත් වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙක් සංවිධානවලට තරම් බලපෑමක් යුනෙස්කෝ සංවිධානයට සිදු නොවනු ඇතැයි පැවසේ.

යුනෙස්කෝ සංවිධානයේ අයවැයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන මූල්‍ය දායක්තවය සියයට අටකි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ගෙන් එක්ස් (ට්විටර්) පණිවුඩයක්



macron prans ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් එක්ස් (ට්විටර්) පණිවුඩයක් නිකුත් කර තිබිණි.

යුනෙස්කෝ සංවිධානයට ස්ථීරව සහ අඛණ්ඩව සහාය ලබාදෙන බවත් යුනෙස්කෝ සංවිධානය යනු විද්‍යාව, සාගරය, අධ්‍යාපනය, සංස්කෘතිය සහ ලෝක උරුමය යනාදියේ විශ්වීය ආරක්ෂකයා බවත් ප්‍රංශ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ප්‍රථම ධුර කාලයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධාන කිහිපයකින්ම ඇමෙරිකාව ඉවත් කරගත්තේ ය.

යුනෙස්කෝව ඉන් එකක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ඒවා අතර මුල් තැනක් ගනී.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පළමු ධුර කාලයේ දී, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමෙන් ද ඇමෙරිකාව ඉවත් කරගත්තේ ය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය දෙවැනි ධුර කාලයේ දී එම ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කරමින් සිටියි.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්