leader s

ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කළා. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo

ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වනවා. එම ප්‍රදේශය සම්පූර්ණයෙන් චීනයේ ස්වෛරීභාවයට අයත් ප්‍රදේශයක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun  අද ප්‍රකාශ කළා. ඒ  අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී.

පිරිසිදු බලශක්ති සංවර්ධනය වේගවත් කිරීම, එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම එහි අරමුණු වන බව ඔහු සඳහන් කළා. එම ව්‍යාපෘතිය Yarlung Zangbo ගඟේ සමස්ත ප්‍රදේශයේ ආපදා වැළැක්වීමට ඉවහල් වනු ඇති අතර පහළ ගංගා ප්‍රදේශයට අහිතකර බලපෑමක් එල්ල නොවනු ඇති බවට ඔහු අවධාරණය කර සිටියා.

xsdgfg

ජල විද්‍යාත්මක නිරීක්ෂණය, ගංවතුර වැළැක්වීම සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් චීනය අදාළ පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ විධිමත් සහයෝගීතාවයක් පවත්වා ඇති බවත්, එම ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය සන්නිවේදනය විධිමත් ව සිදු කර ඇති බවත් Guo Jiakun පෙන්වා දුන්නා. ගංඟා ද්‍රෝණිය ආශ්‍රිත ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා චීනය පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්