leader s

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අද (28) පෙරවරුවේ පළමු මාධ්‍ය හමුව පැවැත්වුණා. ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්න මෙම යුද අනුස්මරණ උත්සවයේ ප්‍රධාන තේමාවයි.


චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයෙන්,රාජ්‍ය නායකයින් 26 දෙනෙකු එම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එහිදී සඳහන් වුණේ. විශේෂයෙන්ම රුසියානු ජනාධිපති Vladimir Putin සහ උතුරු කොරියානු ජනාධිපති Kim Jong Un ද එම අවස්ථාවට එක් වීමට නියමිත ව තිබෙනවා.

එමෙන් ම, එම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ‍ සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 03 වන දින රාත්‍රීයේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතයි.

 -දිනූෂි ධීරසිංහ

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්