leader s

නැගෙනහිර ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් මාපකාංක 6.0 ප්‍රබල භූකම්පනයෙන් සිය ගණනක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ පස්වැනි විශාලතම නගරය වන ජලාලාබාද් සිට කිලෝමීටර 27ක් දුරින් පිහිටි ස්ථානයක භූකම්පනය හටගෙන තිබෙන අතර ඉන්පසුව ඇති වූ නායයෑම් හේතුවෙන් ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. භූකම්පනය ඇති වූ ප්‍රදේශය, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට කිලෝමීටර 140ක් දුරින් පිහිටා ඇත.

 

භූකම්පනයෙන් පීඩාවට පත්වූ හෝ මරණයට පත්වූ හෝ පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවත්, ප්‍රදේශයට ප්‍රවේශ වීම දුෂ්කර වීම හේතුවෙන් මුදා ගැනීමේ කටයුතු ද අපහසු වී ඇති බවත් ඇෆ්ගනිස්තාන බලධාරීහු සඳහන් කරති.

ඉරිදා මධ්‍යම රාත්‍රියේ මෙම භූකම්පනය ඇති වී තිබෙන බව දැනට වාර්තා වන අතර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරටත්, එතැන් සිට කිලෝමීටර 300ක් දුරින් පිහිටි පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට භූකම්පනයේ ප්‍රබලත්වය දැනී ඇති බවත් ගොඩනැගිලි සෙලවීමකට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

eastern1

භූකම්පනය හේතුවෙන් මේ වනවිට 800කට අධික පිරිසක් මරණයට පත්ව පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය කඳුකර වීමත්, සන්නිවේදන දුෂ්කර පැවැතීමත් නිසා මුදා ගැනීමේ, සහන සැපයීමේ කටයුතු මෙන්ම සන්නිවේදන කටයුතු ද දුෂ්කර වී ඇතැයි වාර්තා වන අතර අද (1) උදයවරුවේ ද පසු කම්පන වාර්තා වී ඇතැයි පැවසේ.

 

thaliban eq
ඇෆ්ගනිස්තානය, තලේබාන් පාලනය යටතේ තිබෙන, සහන සහ ආධාර සලසන්නැයි තලේබාන් සංවිධානය මේ වනවිටත් ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් කර ඇත.

මුලාශ්‍රය :

Afghanistan earthquake live: More than 800 people killed, 2,500 injured

At least 800 killed as 6.0-magnitude earthquake rocks Afghanistan

More than 600 killed in Afghanistan quake as entire villages reduced to rubble

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්