ඉන්දුනීසියානු පොලිසිය මුරපොළ යොදමින් ආරක්ෂාව තර කිරීමත් සමඟ විරෝධතා තාවකාලිකව නතර කිරීමට විරෝධතාකරුවන්
පියවර ගෙන ඇත.
පොලිස් රථයක ගැටී යතුරුපැදිකරුවකු මරණයට පත්වීමත් සමඟ ඉන්දුනීසියාව පුරා පැවැති විරෝධතා උග්‍ර අතට හැරුණු අතර ගෙවුණු සති අන්තය වනවිට විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේ ය. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද ඇති විය.
මේත් සමඟ මුරපොළ යොදමින්, ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දුනීසියානු පොලිසිය පියවර ගත්තේ ය.
ජීවන වියදම, අඩු වැටුප්, වංචා හා දූෂණ සහ දේශපාලනඥයන්ගේ අධික වියදම් යන කරුණු මුල් කරගනිමින් ඉන්දුනීසියාවේ විරෝධතා ඇති වී තිබිණි. මේ අතරවාරයේ දී ඉන්දුනීසියානු පොලිසිය කුලී රථ, යතුරුපැදිකරුවකු හප්පාගෙන ගිය අතර, අනතුරින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්විය.
අනතුරින් මරණයට පත්වූයේ 21 හැවිරිදි, අෆාන් කුර්නිවාන් ය.
මෙම අනතුරත් සමඟ ඉන්දුනීසියාව පුරා විරෝධතා උත්සන්න වූ අතර, දැඩි ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේ ය.
පොලිසිය ආරක්ෂාව තර කිරීමත් සමඟ ජකර්තා අගනුවර පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා කිහිපයක්ම අවලංගු කර දැමීමට ඉන්දුනීසියාවේ ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් සහ සිවිල් සමාජ සඳුදා (1) පියවර ගෙන තිබිණි.
ඉන්දුනීසියානු බලධාරීන්ට අනුව විරෝධතා හේතුවෙන් මේ වනවිට අටදෙනකු මරණයට පත්ව ඇත.
මෙම විරෝධතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ ඉදිරි ගමන් මග තීරණය කරන පරීක්ෂණයක් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
විරෝධතා හේතුවෙන් අඩියක් පස්සට ගැනීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. ඒ අනුව දේශපාලනඥයන්ට ලැබෙන ප්‍රතිලාභ කප්පාදු කිරීමට පියවර ගන්නා බවත් ඊට දේශපාලන පක්ෂ එකඟතාව පළ කළ බවත් ජනාධිපතිවරයා පැවැසීය. කෙසේ නමුත් විරෝධතාකරුවන්ට, දේපළ කොල්ලකන්නන්ට එරෙහිව පියවර ගන්නැයි ද ජනාධිතිවරයා ආරක්ෂක අංශවලට නියෝග දුන්නේ ය.
Indonesian groups delay protests in Jakarta as police tighten security
Indonesia’s deadly protests paused but deep resentment remains. Here’s what to know







