සුඩානයේ, බටහිර දෙසට පිහිටි ඩාර්ෆූර්හි ඇති වූ නායයෑමකින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රදේශ පාලනය කරන කැරැලි කණ්ඩායම්වලින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.
ඩාර්ෆූර්හි මාරා කඳුකර ප්‍රදේශයේ දී මේ බව ඇති වී තිබෙන අතර සුඩානයේ, සුඩාන විමුක්ති ව්‍යාපාරය/හමුදාව, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව මෙම නායයෑම සිදුව ඇත්තේ ඉරිදා (අගෝස්තු 31) වැනිදා වන අතර මෙම ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබේ.
මෙම නායයෑමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තොරතුරුව වාර්තා වී නැති බවත්, සුඩාන විමුක්ති ව්‍යාපාරයේ නිවේදනයට අනුව දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බව මුලින්ම වාර්තා වූ බවත් පුවත් සේවා වාර්තා කර ඇත.
නායයෑමෙන් ගම්මානයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එක් පුද්ගලයකු පමණක් ජීවිතය බේරාගැනීමට සමත්වූ බව පසුව වාර්තා විය.
කැරැලිකාර කණ්ඩායම් මේ වනවිටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර සංවිධාන උදව් උපකාර ඉල්ලා ඇති විශේෂයෙන්ම මළසිරුරු ගොඩගැනීමට සහාය ඉල්ලා ඇත.
සුඩානයේ පවතින සිවිල් යුද්ධය මධ්‍යයේ මෙම ව්‍යවසනය සිදුව තිබෙන අතර ව්‍යවසනය, සුඩානය තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවක් තිබේ. සුඩානයේ සිවිල් මේ වනවිට තුන්වැනි වසරටත් දිග්ගැස්සී තිබෙන අතර ඩාර්‌ෆූර්හි ඇතැම් ප්‍රදේශවලට සාගත තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
මුලාශ්‍ර :
Sudan landslide kills more than 1,000 in Darfur village
What we know about Sudan’s deadly landslide







