සමාජ මාධ්‍ය භාවිතයේ වයස් නිර්ණය පිණිස අවම ක්‍රමවේද භාවිතා කරන ලෙස ඕස්ට්‍රේලියා රජය ඊයේ (15) එරට සියලු සමාජ මාධ්‍ය ජාල වෙතින් ඉල්ලීමක් සිදු කළේය.
පූර්ව ගැටවර වියේ පසුවන ළමුන් වෙනුවෙන් සමාජ මාධ්‍ය තහනමට පියවර ගන්නා ලොව ප්‍රථම රට ඕස්ට්‍රේලියාව ය. ලොව පුරා රජයන් සහ තාක්‍ෂණ කාර්මිකායතන රැසක් ඕස්ට්‍රේලියාවේ නව පියවර පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසුවෙති.
ලබන දෙසැම්බරයේ සිට, එරට වයස අවුරුදු 16ට අඩු සියලු ළමුන් හට සමාජ මාධ්‍ය තහනම් කෙරේ. ඒ අනුව, ඕස්ට්‍රේලියානුවකු එරට සමාජ මාධ්‍ය වෙත පිවිසීමේදී වයස් නීර්ණ ක්‍රමවේදයකට අනුගත විය යුතුවේ. එම නිරණයන් වඩා සුමට අකාරයෙන් සිදු කිරීම පිලිබඳ තාක්ෂණ මට්ටමේ සාකච්ඡා මේ වනවිට සිදු කෙරේ.
ඉකුත් වසරේ ජනවාරි මස සිට මෙම වසරේ පෙබරවාරි මස තෙක් වයස අවුරුදු 13ත්, 15ත් අතර පසුවන්නන්ගෙන් 95%ක් අවම වශයෙන් එක් සමාජ මාධ්‍ය ජාලයක් හෝ භාවිතා කරන බව ඒ පිලිබඳ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඒ පිලිබඳ සැබෑ දත්ත මීට වඩා ඉහළ අගයක් ගැනීමේ සම්භාවිතාව ද එකහෙළා බැහැර කළ නොහැකි බව, සමීක්ෂණය සිදු කළ එරට ඊ-සේෆ්ටි (eSafety) කාර්යාලය පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/16/2025
මුලාශ්‍රය :
Australia wants 'minimally invasive' age checks under teen social media ban







