leader s

මැද පෙරදිග අර්බුදය විසඳීමට කටාර් සහ එක්සත් ජනපදය එක්ව වඩාත් ප්‍රගතිශීලී ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් කෙටුම්පත් කෙරෙමින් ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) පවසයි.

සිය ඊශ්‍රායල සංචාරය අවසන් කර කටාර් හි දෝහා අගනුවර බලා පිටත්ව යන අතරවාරයේ ඔහු මේ බව සඳහන් කළේය.

කටාර් රජයේ රැඳී සිටි හමස් නායකයින් ඉලක්ක කර ඉකුත් සතියේ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක් විය.

 



"කොහේ හැංගුණත් හමාස් නායකයින් සොයා පහර දීමේ තීරණයේ වෙනසක්  නැහැ" - ඊශ්‍රායල අගමැති


මේ අතර, "කොහේ හිටියත්" හමාස් නායකයින් සොයා  ප්‍රහාර එල්ල කිරීමේ සිය තීරණයේ කිසිදු වෙනසක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි.

දෝහා අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරය විවේචනය කරමින්, කටාර් රාජ්‍යය වෙත සිය සහාය පල කිරීමට අරාබි - ඉස්ලාමීය රාජ්‍ය නායකයෝ, ඊයේ (15) දෝහා අගනුවරට හදිසියේ රැස්වූහ.

qatar 5676768779
ගාසා යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයකට එළැඹීම පිණිස, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදහත් පාර්ශ්වකරුවකු සේ තවදුරටත් කටයුතු කරන්නැයි,  රුබියෝ, කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉතිරිව ඇත්තේ සීමිත කාලයක් පමණකැයි ද ඔහු පැවසීය."එය ඉටු කළ හැකි අන් රටක් වේ නම්, ඒ, කටාර් පමණකැයි," ටෙල්  අවිව්  (Tel Aviv) සිට දෝහා බලා පිටත් වීමට පෙර රුබියෝ සඳහන් කළේය.

ඊශ්‍රායලය සිදු කළ ගුවන් ප්‍රහාරය බියගුළු සහ ද්‍රෝහී ක්‍රියාවක් වුව, ඊජිප්තුව සහ එක්සත් ජනපදය සමග එක්ව, සාම මාවත සැකසීමේ මැදහත් කරුවකු ලෙස කටයුතු කිරීමේ වගකීමෙන් බැහැර නොවන බව කටාර් රාජ්‍යය පවසයි.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/16/2025

මුලාශ්‍රය :

Qatar, US to finalise enhanced defence cooperation agreement, Rubio says

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්