පලස්තීන රාජ්‍යය පිළිනොගන්නා බව ජපානය පවසයි. එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ද්වීපාර්ශ්වීය සහාය ලබන පසුබිමක ජපානය විසින් එම තීරණය ගෙන ඇතැයි, එරට අසාහි (Asahi) පුවත්පත සඳහන් කරයි.
පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩල සැසි වාරයේදී, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ප්‍රකාශයට පත් කළහ.
එහිදී, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් (Jean-Noel Barrot), පලස්තීනය පිළිගන්නා ලෙස ජපන් නියෝජිතයාගෙන් උදක්ම ඉල්ලා සිටියද, විවිධ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාන්විත ඔස්සේ එක්සත් ජනපදය විසින්, ජපානයට ඒ සම්බන්ධයෙන් සිදු කළ බලපෑම් හමුවේ, ජපානය විසින් මෙම තීරණය ගෙන තිබේ.
උද්ගත තත්ත්වය පිලිබඳ වැඩි දුර නිරීක්ෂණයේ පසුවන බව, ජපාන විදේශ අමාත්‍ය, ටකෙෂි ඉවායා (Takeshi Iwaya) පවසයි.
යෝෂිමසා හයාසි (Yoshimasa Hayashi)
අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්, යෝෂිමසා හයාසි (Yoshimasa Hayashi), ගාසා තීරයේ සිදුකරන ඊශ්‍රායල භූමි ආක්‍රමණ සහ ප්‍රහාර පිලිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ කළේය. එහි උද්ගතව ඇති උග්‍ර ආහාර හිඟය සහ මානුෂීය අර්බුදය විසඳීමට වහා අවශ්‍ය පියවර ගන්නැයි, ඔහු අදාළ පාර්ශ්ව වෙතින් විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/17/2025
මුලාශ්‍රය :
Japan won't recognise a Palestinian state given US ties, media report says







