leader s

ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. දකුණු ලෙබනනයේ බින්ට් ජාබෙල්  (Bint Jbeil ) නගරය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා ඊයේ (21) එම ප්‍රහාරය එල්ල කළහ.

හිස්බුල්ලා සාමාජිකයකු ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් හිස්බුල්ලා සාමාජිකයකු ඝාතනය වූ බවත්, සිවිල් වැසියන් කිහිප දෙනෙක් ද ඝාතනය වී ඇති බවට වාර්තා වන බවත්, ඊශ්‍රායල හමුදා කියා සිටිති.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් දරුවන් තිදෙනකු සහ ඔවුන්ගේ පියා ඝාතනය වී, මව බරපතල තුවාළ ලබා රෝහල් ගත කර ඇතැයි, ලෙබනන පාර්ලිමේන්තු ප්‍රකාශක නබී බෙරී (Nabih Berri) ප්‍රකාශ කළේය. ඔවුන් එක්සත් ජනපද පුරවැසිභාවය හිමි පිරිසක් බව ද ඔහු සඳහන් කළේය.

 

ඔවුන් එක්සත් ජනපද පුරවැසි බව හිමි පුද්ගලයින් බවට මෙතෙක් කිසිදු සටහනක් නොමැති බවත්, එක් අයකු සතුව ප්‍රයෝජනයට නොගත් සංක්‍රමණික වීසා අයදුම්පතක් පමණක් පැවති බවත්, මේ පිලිබඳ විශේෂ සඳහනක් කළ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසීය.

එම ප්‍රහාරයේදී සිවිල් පුද්ගලයින්ට සිදු වූ හානිය පිලිබඳ ඊශ්‍රායල හමුදා කණගාටුව පල කරති.

මේ අතර, ලෙබනන අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් (Nawaf Salam) ද, ඊශ්‍රායල ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. දකුණු ලෙබනනයේ සිය ගම් බිම් බලා යන අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරය අමානුෂික සහ ම්ලේච්ඡ ක්‍රියාවක් බව ඔහු පවසයි.

682150

 

ඊශ්‍රායලය, තව දුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් දකුණු ලෙබනනයේ භූමිය අත්පත් කර ගැනීමට යත්න දරන අවස්ථාවක, අවි බිම තැබීම පිලිබඳ ඔවුන් හා සාකච්ඡා කිරීමට පියවර ගැනීම තමන් සිදු කළ වරදක් බව හිස්බුල්ලා සංවිධානය කියයි.    

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/22/2025

මුලාශ්‍රය :

Israeli drone strikes kill five, including children, in southern Lebanon

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්