leader s

ගාසා තීරයේ, බටහිර ඉවුරේ අවතැන් පලස්තීන ජනතාවට වෛද්‍යාධාර ලබා දීමට බටහිර රටවල්  ඉදිරිපත් වේ.


ඊශ්‍රායලය විසින් අත්පත් කර සිටින බටහිර ඉවුර වෙත පලා එන රෝගී සහ අනතුරට පත් ගාසා වාසීන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, උපකරණ, කාර්ය මණ්ඩල සහ ඒ සඳහා වන මූල්‍යාධාර සම්පාදනයට, බටහිර රටවල් රැසක් ඊයේ (22) සිය කැමැත්ත ප්‍රකාශ කළහ.

එම ප්‍රතිකාර කටයුතු සම්පාදනය පිණිස නැගෙනහිර ජෙරුසෙලම සහ බටහිර ඉවුර වෙත පිවිසීමට වහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙස ඔවුහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති. 

ගිලන් ජනතාවට පලස්තීන භූමියේ ප්‍රතිකාර කිරීමට වහා පහසුකම් සලසා දෙන ලෙස කැනඩාවේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන එම රටවල් දන්වා සිටිති. ඔස්ට්‍රියාව,ඔස්ට්‍රියාව, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, යුරෝපීය සංගමය සහ පෝලන්තය ද ඊට අත්සන් තැබූහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/23/2025

මුලාශ්‍රය :

Some Western nations offer to assist with treating patients from Gaza in West Bank

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්