leader s

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අද (23) මුස්ලිම් රටවල් රැසක නායකයින් හමුවේ. ගාසා හි වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණයි.


ඒ අනුව, ජනපති ට්‍රම්ප්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඊජිප්තුව, ජෝර්දානය, තුර්කිය, ඉන්දුනීසියාව සහ පාකිස්ථානය යන රටවල නායකයින් සමග බහු-පාර්ශ්වීය සාකච්ඡා සිදු කිරීමට නියමිතව ඇතැයි, ධවල මන්දිර මාධ්‍ය ලේකම්, කැරොලයින් ලීවිට් (Karoline Leavitt) පවසයි.

එහිදී, සාමය සහ යුද්ධයෙන් පසු ගාසා තීරයේ පාලනය සිදු කෙරෙන අන්දම පිලිබඳ එක්සත් ජනපද ජනපති විසින්, යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම සහ හමාස් සංවිධානයෙන් තොරව ගාසා තීරය පාලනය කිරීම යන කරුණු ඊට ඇතුළත් බව වාර්තා වේ.

is5656

 

යුද්ධයෙන් පසු ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත්වීමට නම්, අරාබි සහ මුස්ලිම් රටවල් සිය සන්නද්ධ හමුදා එහි ස්ථාපිත කළ  යුතු බව එක්සත් ජනපද මතය යි. ගාසා තීරයේ නිසි සමාජ පරිවර්තනයක් සිදු කිරීම සහ එය යළි ඉදි කිරීම පිණිස වන මූල්‍ය සම්පත් නිවැරදිව ආයෝජනයට පහසුකම් සැලසීම එහි අරමුණයි.

ඊයේ (22), එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක නායකයින් රැසක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගැනීමට එක්වූහ.

ජනපති ට්‍රම්ප් අද (23), එම සමුළුව ඇමතීමට නියමිතය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/23/2025

මුලාශ්‍රය :

Trump to meet officials from Muslim-majority countries to discuss Gaza

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්