leader s

වසරේ භයානකම සුළිකුණාටුව ලෙස සැලකෙන 'රාගසා' සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දැනටමත් තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ඉහළ යන ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙකු වයෝවෘද්ධ පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 



තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට 700mmකට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර දකුණු හා නැගෙනහිර නගරවලට 500-600mmක වර්ෂාපතනයක් ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (24) උදෑවන වන විට තායිවානයේ ටෝයුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 160කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ග ද අත්හිටුවා ඇත.

9735a8c0 98ee 11f0 a8ef eb1bf8d878e0

 

හොංකොං කාලගුණ බලධාරීන් අද (24) ඔවුන්ගේ ඉහළම ටයිෆූන් අනතුරු ඇඟවීම "T10"නිකුත් කළ අතර කුණාටුව චීන භූමියෙන් කිලෝමීටර් 150ක් නිරිත දෙසින් ගමන් කරන විට සිදුවිය හැකි නායයෑම් පිළිබඳව ද අනතුරු අඟවා තිබේ.‍

එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර විනාශකාරී සුළං ගැන සැලකිලිමත් විය යුතු බවද අද දේශීය කාලගුණය නිරන්තරයෙන් අයහපත් වනු ඇති අතර, නිතර නිතර තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

සුපිරි සුළි කුණාටුවෙන් තායිවානයේ 14ක් මරුට; 124ක් අතුරුදන්

 

තායිවානයට බලපෑ රගාසා (Ragasa) සුපිරි සුළි කුණාටුවෙන් එරට ජනප්‍රිය සංචාරක කලාපයක් වන නැගෙනහිර හොලියන් ( Hualien) හිදී පුද්ගලයින්  14 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

124 දෙනෙක් අතුරුදන්ව සිටිති.  

කුණාටුව අතරතුර කඳුකර  ජලාශයක් පිටාර ගැලීමෙන් එම අනතුර සිදු වී තිබේ.


ඉකුත් සඳුදා (22) සිට තායිවානය ඔස්සේ හමා යන සුළි කුණාටුව මේ වන විට චීනයේ දකුණු වෙරළ තීරයට සහ හොං කොං වෙත බලපා තිබේ. ෆිලිපීනය ද එහි  බලපෑමට නතු විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/24/2025

මුලාශ්‍රය :

Super Typhoon Ragasa kills 14 in eastern Taiwan, with 124 missing

China evacuates nearly two million people after super typhoon kills 14 in Taiwan

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්