leader s

රුසියාවේ පෙට්‍රො රසායන සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වේ.


එරට විශාලතම සලවට් ( Salavat ) පෙට්‍රො රසායන සංකීර්ණයට එල්ල කෙරුණු එම ප්‍රහාරයේ හානිය තක්සේරු කරමින් ඇතැයි රුසියාව කියයි.

එම ස්ථානයට, ගිනි නිවීම් ඇතුළු සියලු හදිසි සේවා  කැඳවා ඇතැයි ද වාර්තා වේ.

සලවට් සංකීර්ණයට ඉකුත් සතියේ ද යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

පසු ගිය සති කිහිපය තුළ රුසියානු ඉන්දන සහ ගෑස් සංකීර්ණ වෙත එල්ල වන යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර උත්සන්න වී තිබේ. ඒ හේතුවෙන්, කලාපයේ ඉන්දන සහ ගෑස් මිළ සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

යුක්‍රේන දේශ සීමාවෙන් කි.මී. 1400ක් එපිටින් පිහිටි රුසියානු උෆා (Ufa) ඉන්දන පිරිපහදුවට ද පසුගිය මස යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

අද (24)  ප්‍රහාරයට ලක්වූ සලවට් පෙට්‍රො රසායන සංකීර්ණයේ, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන සහ ද්‍රව වායු, බියුටයිල් මධ්‍යසාර, පොලිඑතිලීන්, පොලිතීන් සහ ඇමෝනියා වැනි අතුරු නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/24/2025

මුලාශ්‍රය :

Ukraine's drones again attack Russia's major petrochemical complex


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්