එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ හමුවක් අද ධවල මන්දිරයේදී පැවැත්වේ.
එහිදී සිදු කෙරෙන සාකච්ඡා වලින් අනතුරුව ගාසා යුද්ධය නතර කිරීම පිලිබඳ අවසන් විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ හමුදා මෙහෙයුම් දැඩි කර තිබේ. සිය භාරයේ පසු වූ ප්‍රාණ ඇපකරුවන් දෙදනකු ආගිය අතක් නැතැයි හමාස් සංවිධානය පවසයි.

එම අතුරුදන් වීම් හේතුවෙන් මේ වන විටත් ඊශ්‍රායලය තුළ විරෝධතා මතුවෙමින් පවතින අතර එය දෙරට නායකයින් අතර සාකච්ඡාවන් කෙරෙහිද බලපානු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රාණ ඇපකරුවන් ඒකරාශී කර ගැනීම පිණිස ඊශ්‍රායල හමුදා පැය 24ක කාලයකට ගාසා නගරයෙන් ඉවත් කරගන්නා ලෙසත් එම කාලය තුළ ගුවන් ප්‍රහාර නතර කරන ලෙසත් හමාස් සන්නද්ධ අංශය වන අල්-ඛසාම් බලකාය ඊයේ (28) දැනුම් දීමක් සිදු කළේය.

අරාබි නායකයින්ගෙන් සහ ඊශ්‍රායලය වෙතින් සිය සාම යෝජනාවලියට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි, ඒ පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය කළ විමසීමකදී ජනපති ට්‍රම්ප් සඳහන් කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/29/2025
මුලාශ්‍රය :
Trump optimistic on Gaza peace deal; Hamas says it lost contact with two hostages in Gaza City







