leader s

සී.එන්.එන්. (CNN) පුවත් සේවයේ ඉන්දුනීසියාවේ මාධ්‍යවේදිනියකට ජනපති කාර්යාලය විසින් පනවා තිබූ තහනම, අද (29) යළි ඉවත් කෙරිණි.


එරට නොමිලේ ලබා දෙන පාසල් දිවා ආහාරය හේතුවෙන් රට පුරා ළමුන් රැසක් රෝහල් ගත කිරීමේ සිදුවීම් පිළිබඳව, පසුගිය දා, ජනපති ප්‍රොබෝවෝ සුබියන්තෝ ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන්, සී.එන්.එන්. පුවත් සේවයේ දේශීය මාධ්‍යවේදිනියක තහනමට ලක් කෙරිණි.

ඒ සමග, එරට මාධ්‍ය නිදහස පිලිබඳ ප්‍රශ්න කිරීම් හමුවේ, ජනපති කාර්යාලය, සිය තීරණය යළි කැඳවීමට පියවර ගත්තේය. ජනපති මන්දිරය, සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි බව ද වාර්තා වේ. එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගන්නා බවද ජනපති මන්දිරය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ ප්‍රධාන පුවත්පත් කවුන්සිලය, ඊයේ (28) මාධ්‍යවේදී තහනම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ජනපති මන්දිරයට දන්වා සිටියේය. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම උදෙසා එම පියවර ගත් බව කවුන්සිලය පවසයි.

111 wt
පසුගියදා එරට දහසකට අධික පාසල් සිසුන් සංඛ්‍යාවක් ආහාර විෂ වීමෙන් රෝහල් ගත කෙරිණි. නොමිලේ ලබා දෙන පාසල් දිවා ආහාරය විෂ වීමෙන් හටගත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සෞඛ්‍ය ගැටළු රැසක් පැන නැගී ඇතැයි, අධ්‍යාපන බලධාරීහු ප්‍රකාශ කළහ. ඩොලර් මිලියනන ගණනක් වැය කර දියත් කර ඇති නොමිලේ පාසල් දිවා අහාර වැඩසටහන එරට ජනපති ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියකි.

එම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ජාතික පෝෂණ ඒජන්සිය වෙත අදාළ උපදෙස් නිකුත් කළේ දැයි, මාධ්‍ය හමුවකදී විමසූ අවස්ථාවේ, මාධ්‍යවේදිනිය හමුවේ පිළිතුරු දුන් ජනපති සුබියන්තෝ, එය විශාල ව්‍යාපෘතියක් බවත්, ආරම්භයේදී ඇතැම් ගැටළු පැන නැගියහැකි  වුව, එම තත්ත්වයන් දේශපාලනීකරණය නොකළ යුතු බවත් අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන්ට අවසර ලබා දී තිබුණේ ඉන්දුනීසියානු ජනපතිවරයා ඉකුත් සතියේ සිදුකළ ජාත්‍යන්තර සංචාරයට අදාළ තොරතුරු පමණක් විමසන ලෙස බව ද වාර්තා වේ.

 

111 w

ජනපති සුබියන්තෝගේ ඩොලර් මිලියන ගණනක ආහාර වැඩසටහන යටතේ, නොමිලේ දිවා ආහාර ලබා ගත් රට පුරා පාසල් ළමුන් 6000කට අධික සංඛ්‍යාවක් ආහාර විෂ වීමෙන් රෝහල් ගත කෙරිණි.  ඉකුත් සතියේ පමණක් එසේ රෝහල් ගත කළ පාසල් ළමුන් සංඛ්‍යාව 1000කට අධිකය.

ජාතික සෞඛ්‍ය ඒජන්සියේ උප ප්‍රධානී, ඉකුත් සිකුරාදා (26) ආහාර විෂ වීම්  සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන්, සිය ඒජන්සිය පූර්ණ වගකීම භාරගන්නා බවද ඔහු කියා සිටියේය.

2025 ගෝලීය මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180ක් අතරින් ඉන්දුනීසියාව 127වන ස්ථානයේ පසුවේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/29/2025

මුලාශ්‍රය :

Indonesia restores reporter's palace access after revocation sparks press freedom concerns

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්