leader s

නැමීබියාවේ, වර්ග කි.මී. 20,000කින් යුත් එටෝෂා ජාතික වනෝද්‍යානයේ  (Etosha National Park)  තුනෙන් එකකට අධික ප්‍රදේශයක් ලැව් ගින්නකින් විනාශ වී  ඇතැයි වාර්තා වේ. එය, එරට ප්‍රධාන පෙළ විදෙස් සංචාරක ආකර්ෂණයකි.


මීට සතියකට පමණ පෙර වනෝද්‍යානයේ නිරිත දිග පෙදෙස් වෙතින් ලැව් ගින්න ආරම්භ විය. එහි මායිම් ආසන්නව ඉදි කළ වාණිජ ගොවි බිම් හි සිදු කරන අඟුරු නිෂ්පාදන හේතුවෙන් ලැව් ගිනි හටගන්නට ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීහු පවසති.

 


ප්‍රදේශයේ පවතින වියලි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න වනෝද්‍යානය පුරා සීග්‍රයෙන් පැතිරී ගිය බව ඔවුහු කියා සිටිති.

ලැව් ගින්න හේතුවෙන් එහි වන ජීවය, ජෛව විවිධත්වය සහ ඒ අවට ජනාවාස ද දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ. වනෝද්‍යානයට අයත් අක්කර සිය දහස් ගණනක තෘණ බිම් ද ගින්නෙන් විනාශ වී ඇත. වන ජීවීන් විශාල සංඛ්‍යාවක් ද විනාශ වී ඇතැයි  වාර්තා වේ.

353bh36445

නැමීබියාව, ජර්මානු කොලනියක්ව පැවති අවධියේ 1907 වර්ෂයේදී එටෝෂා කලාපය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරිණි. එහි වෙසෙන සිංහයින්, අලි ඇතුන්, දිවියන්, ජිරාෆ්, සීබ්‍රා ඇතුළු විවිධ වනසතුන් රැසක් නැරඹීමට සෑම වර්ෂයකම ලොව පුරා  සංචාරක පිරිස් එහි පැමිණෙති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/30/2025

මුලාශ්‍රය :

Wildfires ravage a third of Namibia's flagship national park

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්