පාකිස්ථානයේ සන්නද්ධ අංශ මූලස්ථානයකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.
නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා (Quetta) නගරයේ, අද (30) එම ප්‍රහාරය එල්ල විය.
කුඩා ට්‍රක් රථයකින් සන්නද්ධ මූලස්ථානයට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරු එම පුපුරුවා හැරීම සිදු කිරීමත් සමග අවිගත් ත්‍රස්තවාදීන් රැසක් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ඊට ඇතුළු වූ බව ආරක්ෂක බලධාරීහු පවසති. ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රති-ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් සිව් දෙනකු ඝාතනය වී තිබේ.
මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර සිවිල් පුද්ගලයින් සහ හමුදා සාමාජිකයින් ද වන බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් 33 දෙනෙක් තුවාළ ලබා සිටිති.
ඇෆ්ඝනිස්ථාන සහ ඉරාන දේශ සීමාවේ පිහිටි බලොකිස්තාන් (Balochistan) ප්‍රාන්තයේ අගනුවර ක්වේටා නගරයයි.

ඛනිජ සම්පත් බහුල කලාපයක් වන එහි ග්වාදාර් (Gwadar) වරාය පිහිටා තිබේ. එය, චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ කොටසක් ලෙස, චීන ජනපති ෂී ජින්පින් (Xi Jinping) ගේ 'තීරයක් සහ මාවතක් ව්‍යාපෘතිය' (Belt and Road Initiative) යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 65ක ආයෝජනයෙන් චීනය විසින් ඉදි කෙරිණි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/30/2025
මුලාශ්‍රය :
Suicide blast targeting Pakistan paramilitary kills 10, officials say







