ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි පාසලක් කඩා වැටී සිසුන් විශාල සංඛ්‍යාවක් අතුරුදන් ව ඇතැයි වාර්තා වේ. එරට අල් ඛොසිනි (Al Khoziny ) පිරිමි නේවාසික පාසලේ කොන්ක්‍රීට් කුළුණු කිහිපයක් ඇද වැටීමෙන්, පාසල් ගොඩනැගිල කඩා වැටීමට ලක් විය.
පුද්ගලයින් 91 දෙනකුවත් කොන්ක්‍රීට් සුන්බුන් වලට යටවී ඇතැයි සැක කරන බව පාසල් බලධාරීහු පවසති. එහි ඉගෙනුම ලබන නේවාසික සිසුන් පිරිසක් අද (30) සන්ධ්‍යා යාඥාවල නිරතව සිටින අවස්ථාවේ එම අනතුර සිදු විය.
අතුරුදන් සිසුන් සොයා දෙමාපියන් ඇතුලු පිරිස් එම ස්ථානයට රැස්ව සිටිති. අනතුරට පත් සිසුහු ගොඩනැගිල්ලේ පහත මාලයේ වූ මුස්ලිම් දේවස්ථානය තුළ යඥාවේ නිරතව සිටියහ.
සන්ධ්‍යාව වන විට පුද්ගල මළ සිරුරු තුනක් සොයා ගෙන තිබේ. විශාල කොන්ක්‍රීට් කුට්ටි අතර සිරවි සිටින පිරිස් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක ය. ඒ සඳහා දොඹකරයක් සහ බැකෝ යන්ත්‍රයක් ද සේවයේ යොදවා තිබේ. ඉතිරි ගොඩනැගිලි කොටස් ද කඩා වැටෙතැයි සැකය මත බර යන්ත්‍ර යෙදවීමට හැකියාවක් නැතැයි, මුදා ගැනීමේ කණ්ඩායම් පවසති. ගොඩනැගිලේ අධික බර දරා ගැනීමට තරම් පාදම ශක්තිමත් නොවීම හේතුවෙන් කොන්ක්‍රීට් කුළුණු ඇද වැටුණු බවට සැක කෙරේ.
අනතුරින් තුවාළ ලත් 26 දෙනෙක් අවට රෝහල්වල තව දුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/30/2025
Relatives weep for scores of missing children after deadly Indonesia school collapse







