leader s

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම අද (01) තෙවන දිනටත් හමාස් සමාලෝචනය හමුවේ පවතින බව

එම සංවිධානයට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.

බොහෝ පලස්තීන පාර්ශ්ව විසින් එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයට අදත් බෝම්බ හෙලීය.

සිය සැලැස්ම නිරීක්ෂණය පිණිස හමාස් සංවිධානයට ලබා දෙන්නේ දින "තුනක, හතරක" කාලයක් පමණක් බව ජනපති ට්‍රම්ප් ඊයේ (30), අවධාරණය කළේය.

සාම සැලැස්මට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් සිය ප්‍රසාදය පල කර තිබේ.

"සැලැස්ම පිළිගැනීම ඛේදවාචකයක්. එය ප්‍රතික්ෂේප කිරීමද ඊට නොදෙවෙනි අනෙකක්. මේ නම්  ට්‍රම්ප් විසින් පල කළ නෙතන්යාහු සැලැස්ම හැර  අන් කවරක්දැයි," හමාස් නිලධාරියකු එසේ ඇසී යැයි, රොයිටර්ස් පුවත් සේවය කියයි.

මේ අතර, තව දුරටත් ගාසා තීරයේ දකුණු දෙසට පලා යන්නැයි  ඊශ්‍රායල හමුදා පලස්තීනුවන්ට නව නිවේදන නිකුත් කළේය. පලා යන පිරිස් හට උතුරු දෙසට ගමන් කිරීමට අවසර නැතැයි ද එහි දක්වා තිබේ.

ඊයේ රාත්‍රිය මුළුල්ලේම ඊශ්‍රායල හමුදා ගාසා නගරයට බෝම්බ හෙලීය. යුද ටැංකි යොදාගනිමින් අඛන්ඩ ප්‍රහාරයේද නිරත විය. නාගරික ජනාවාස ප්‍රදේශ ඔවුන්ගේ නිසැක ඉලක්ක බවට පත්ව තිබිණි. එම ප්‍රහාර හමුවේ අද, අවම වශයෙන් පුද්ගලයින් 17ක්වත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

අද සිට කිසිවකුටත් වෙරළබඩ මාර්ගය ඔස්සේ, දකුණේ සිට උතුරේ ජනාවාස වෙත ගමන් කිරීමට අවසර නැතැයි, ඊශ්‍රායල හමුදා විසින් විශේෂයෙන් දැනුම් දී තිබේ.  දකුණු දිශාවට පලා යන පිරිස් උදෙසා පමණක් එය විවෘතව තැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත්  දැක්වේ.

ගාසා තීරයේ දකුණේ සිට උතුරට  සිදු කෙරෙන සියලු දේශීය සිල්ලර ව්‍යාපාර ද වහා ක්‍රියාත්මක වන පරිදි  තහනම් කර තිබේ.  ඒ හේතුවෙන්, උග්‍ර ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මතුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ද වාර්තා වේ.

ජනපති ට්‍රම්ප් ගේ ගාසා සැලැස්ම පිලිබඳව හමාස් සංවිධානයේ ප්‍රකාශය තවමත් පොරොත්තුව පවතී. එම සංවිධානය භාරයේ සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කළ යුතු බවත්, අවි බිම තබා යටත් විය යුතු බවත් සහ ඉන් අනතුරුව ගාසා තීරයේ ඔවුන්ට කිසිදු වගවීමක් නොමැති බවත් එම සැලැස්මේ දැක්වේ.  


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/1/2025

මුලාශ්‍රය :

Israel ramps up Gaza City offensive as Hamas weighs Trump plan


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්