එක්සත් ජනපද හමුදාව නැගෙනහිර පැසිෆික් සාගරයේ සැක කටයුතු යාත්‍රාවකට ඊයේ (22) වෙඩි තැබූහ.
එහි නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට ලද තොරතුරකට අනුව වෙඩි තැබීම සිදු කර තිබේ. සිද්ධියෙන් යාත්‍රාවේ සිටි එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් බව වාර්තා වේ.
එය, හඳුනාගත් ත්‍රස්ත සංවිධානයකට අයත් යාත්‍රාවක් බව, එම හමුදා පැවසූහ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ, එය ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කෙරෙමින් පැවති බව ද වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
සබැඳි පුවත් :
US military says one person killed in strike on suspected drug vessel in Pacific







