leader s

උගන්ඩාව වෙත ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල උපකරණ ආනයනය වහා ක්‍රියාත්මක වන පරිදි සීමා කෙරේ.


එරට ජාතික මැතිවරණයට සති කිහිපයක් තිබියදී එම සීමා පැනවීම් සිදු කර තිබේ.

මැතිවරණ ජය පතා, රජය අන්තර්ජාලය  වසා දැමීමට සැරසෙන බව විපක්ෂය චෝදනා කරයි.

පෙරදිග අප්‍රිකානු රාජ්‍යයේ පාලන බලය තවත් වසර 50කට අසන්න කාලයක් සියත රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් 81 හැවිරිදි ජනපති, යොවේරි මුසෙවෙනී  (Yoweri Museveni) මෙවර ජාතික මැතිවරණයට ඉදිරිපත් ව සිටී. 1986 සිට ඔහු බලයේ රැඳී සිටින්නේය.

පසු කාලීන දේශපාලනයට පිවිසි පොප් ගායක 43 හැවිරිදි බොබී වයින් (Bobi Wine) දෙවන වරටද ඔහුගේ ප්‍රතිවාදියා ලෙස මෙවර ද තරග වදී.

මීට පෙර, 2021 වසරේ පැවති මැතිවරණයේදී, රජය, දින ගණනක්  අන්තර්ජාලය වසා දැමීමට පියවර ගත්තේය. මැතිවරණ වංචා සිදු වූ බව පවසමින් ප්‍රතිවාදී බොබී වයින් විසින්, එවර  මැතිවරණ පරාජය  ප්‍රතික්ෂේප කෙරිණි. මුසෙවෙනී, එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මෙම මස 19 දා තමින් යුත්, තීරුබදු ඒජන්සි ශීර්ෂ ලිපියක් රහස්‍ය භාවයෙන් ගිලිහී, සමාජ මාධ්‍යයේ සංසරණය වීමත්  සමග, ස්ටාර්ලින්ක් උපකරණ ආනයන සීමා පිලිබඳ   මුලින්ම අනාවරණය විය. එහි සඳහන් කරුණු සත්‍ය බව, එරට දේශීය ආදායම් අධිකාරියේ ප්‍රකාශකයකු විසින්   පසුව ප්‍රකාශ කෙරිණි.

ඒ අනුව, උගන්ඩාව වෙත ආනයනය කෙරෙන සියළු ආකාරයේ  ස්ටාර්ලින්ක් සන්නිවේදන උපකරණ,   එරට ආරක්ෂක ප්‍රධානී මුහූසි කෙනෙරුගබා (Muhoozi Kainerugaba) විසින් අනුමත කළ යුතුවේ. ඔහු, වත්මන් ජනපතිගේ පුත්‍රයා ය.

සන්නිවේදන තාක්ෂණ  උපකරණ ආනයනය  මත බොහෝ රටවල් සීමා පනවා ඇතැයි, උගන්ඩා ආදායම් අධිකාරිය පවසයි. උගන්ඩාවේ ඒ හා සබැඳි සීමා නීර්ණ ඊට සාපේක්ෂ සාමාන්‍ය ක්‍රියාවක් බව, ඒත්තු ගැන්වීම එහි අරමුණයි.

එරට  සන්නිවේදන මෙහෙයුම් පිණිස ස්ටාර්ලින්ක් හිමිකරු, එලොන්  මස්ක්  හට තවමත් බලපත්‍ර නිකුත් කර නැත. එහෙත්, බොහෝ උගන්ඩා වැසියෝ, එම උපකරණ රට තුළ පරිහරණයේ යෙදී සිටිති.

රජය විසින් එම උපකරණ ආනයනය සීමා කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක් බව, විපක්ෂ නායක වයින්, එක්ස් (X) පණිවුඩයක් මගින් කියා සිටියේය. රජය මැතිවරණ වංචාවේ යෙදීමේ සූදානමක් නැත්තේ නම්, ජනතාව ස්ටාර්ලින්ක් සන්නිවේදන උපකරණ භාවිතා කිරීම පිලිබඳ අනියත බියකින් පසු වන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කර සිටී.

උගන්ඩාව ස්ථාවරතාවයට පත් කරන ලද්දේ වත්මන් ජනපතිවරයා විසින් බවට විසල් මතයක් පවතී. ඔහු හිටපු විප්ලවවාදී නායකයෙකි. රටේ ආර්ථික වර්ධනය ස්ථාපිත කර ඒඩ්ස් වසංගතය තුරන් කිරීමට ඔහු වෙසෙස් මෙහෙවරක් සිදු කළ බව සඳහන්ය. එහෙත්, ප්‍රතිවාදීන් මර්ධනය පිලිබඳ ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝන සහ  තවත් මූල්‍ය  චෝදනා පවතින බව විපක්ෂය කියයි.

උගන්ඩා ජාතික මැතිවරණය 2026 ජනවාරි 15 දා පැවැත්වේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)



මුලාශ්‍රය :

Uganda restricts imports of Starlink equipment weeks before election

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්