leader s

ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හඩාඩ් අඟහරුවාදා තුර්කියේ අගනුවර වන අන්කාරා නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

අනතුරට ලක්වන අවස්ථාවේදී හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් සිට ඇත.

එම අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් ඇති බව වාර්තා වේ.

එසේම අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමට උත්සහ දරා ඇති බව වාර්තා වේ.

මෙම බරපතල පාඩුව ජාතියට, හමුදා ආයතනයට සහ සියලු ජනතාවට විශාල පාඩුවක්," ලිබියානු අගමැති අබ්දුල්හමිඩ් ඩ්බෙයිබා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මුලාශ්‍ර :

Libyan army's chief dies in plane crash in Turkey

Libya's army chief killed in air crash in Turkey

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්