(යාවත්කාලීනවී ඇත - 4.30 pm)
ස්විස් අනතුර මෙතෙක් කරුණු නොදත් ගින්නක් හේතුවෙන් හටගෙන ඇතැයි, එරට පොලිසිය නවතම අනාවරණයකින් කියා සිටී.
එරට ක්‍රාන්ස් - මොන්ටානා (Crans-Montana ) නගරයේ ඇල්පයින් (Alpine ) සංචාරක නිකේතනයේ ආපාන ශාලාවක හටගත් පිපිරීමකින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාළ ලබා ඇතැයි, බී.බී.සී. පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් මීට පෙර වාර්තා කළේය.
එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ අනතුර සිදු විය.
එය සිදුවන අවස්ථාවේ ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් සමස්ත ප්‍රදේශය මුළුමනින් වසා දැමීමට පියවර ගෙන තිබේ. ක්‍රාන්ස් - මොන්ටානා නාගරික කලාපයට ඉහළ ගුවන් කලාපය ද වසා දමා ඇතැයි බලධාරීහු පැවසූහ.
Dozens feared dead after explosion in Swiss ski resort bar, police say
ස්විට්සර්ලන්තයේ පිපිරීමක්; පුද්ගලයන් කිහිප දෙනෙක් මරුට
Update : 14:50 pm
ස්විට්සර්ලන්ත සංචාරක නිකේතනයක ආපාන ශාලාවක අද (1) සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාළ ලබති. එරට ක්‍රාන්ස් - මොන්ටානා (Crans-Montana ) නගරයේ (Alpine ) සංචාරක නිකේතනයේ ආපාන ශාලාවක් තුළ එම පිපිරීම සිදුව ඇත.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණයව නැත.
එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ එම පිපිරීම සිදුව තිබේ. එය සිදුවන අවස්ථාවේ ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා වේ.
ගිනිගන්නා ගොඩනැගිල්ලක සහ ඒ වෙත සහන සේවා ලඟා ව ඇති අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ස්විට්සර්ලන්ත මාධ්‍ය විසින් නිකුත් කර තිබේ.
පිපිරීමට හේතු සොයා වහා විමර්ශන ආරම්භ කර ඇත.
(සටහන |Reuters සහ The Guardian ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Several killed after explosion in Swiss ski resort bar, BBC reports
Several dead and injured in explosion at Swiss ski resort town Crans-Montana, police say







