leader s

බටහිර ඉවුරේ ගල් ගැසූවන් වෙත ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි පහරින් පල්ස්තීනුවකු ජීවිතක්ෂයට පත්වේ. ඊයේ (1) එහි රාජකාරියේ නිරත ඊශ්‍රායල හමුදා වෙත ගල් ගසමින් සිටි පලස්තීනුවන් පිරිසක් වෙත එම හමුදා වෙඩි තැබූහ. සිය හමුදා වෙත ගල් ගැසීම ගරිල්ලා ප්‍රහාරයක් බව එම හමුදා පැවසූහ.


ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් 26 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව, තවත් අයකු තුවාළ ලබා ඇතැයි, පලස්තීන බලධාරීහු කියා සිටියහ.

බටහිර ඉවුරේ නැබ්ලස් හි පිහිටි ලුබාන් අල්-ශර්ඛියා (Luban al-Sharqiya) ගම්මානයේ පිවිසුම් මාර්ග සියල්ල බදාදා (31) සිට ඊශ්‍රායල හමුදා විසින් වසා දමා තිබේ.

2023 ඔක්තෝබරයේ සිට 2025 එම මස දක්වා, බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් සහ ඊශ්‍රායල පදිංචිකරුවන් සමග හටගත් ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි, එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා  දෙයි.

එම කාල සීමාව  තුළ, පලස්තීනුවන් සිදු කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 57 දෙනකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

 




(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israel says forces open fire on West Bank stone-throwers, one dead

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්