leader s

නව වසර සැමරුම් අතරතුර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි වසර 154ක් පැරණි Vondelkerk දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වී තිබේ.


1872 වසරේ ඉදිකරන ලද ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියෙන් පසු හටගත් ගින්නකින් මෙලෙස විනාශ වී ඇත.

 

2026 01 01T033043Z 2026919037 RC23SIAPVHB0 RTRMADP 3 NETHERLANDS FIRE 2026 01 02 01 11 57

මෙම ගින්න හේතුවෙන් එහි මීටර් 50ක් (අඩි 164ක්) පමණ උසැති කුළුණ සහ වහලය කඩා වැටුණු ආකාරය වීඩියෝ දර්ශනවලින් පෙනීයයි.

ගින්න පාලනය කිරීම සඳහා නෙදර්ලන්ත නාවික හමුදාව සතු මීටර් 60 ක් උසැති උස් තැන්වල වැඩකටයුතු සඳහා භාවිත කරන වේදිකාවක් යොදා ගත් අතර අවට නිවාස රැසක ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළේය.

nether1

 

ගින්නට හේතුව මෙතෙක් ස්ථිරවම අනාවරණය වී නැතත්, නව වසර වෙනුවෙන් දැල්වූ ගිනිකෙළි මීට හේතු වන්නට ඇතැයි සැක කෙරේ. මෙම ගොඩනැගිල්ල 1977 වසරේ සිට ආගමික කටයුතු සඳහා භාවිත කර නොමැති අතර එය උත්සව ශාලාවක් ලෙස පවත්වාගෙන ගොස් තිබිණ. මෙම ගොඩනැගිල්ලේ නිර්මාණකරු වන්නේ රයික්ස්මියුසියම් නිර්මාණය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී පියරේ කයිපර්ස්.

මේ අතර නෙදර්ලන්තයේ නව වසර සැමරුම් උත්සව අතරතුර සිදු වූ දරුණු ගිනිකෙළි අනතුරු සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

ගිනිකෙළි අනතුරු හේතුවෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, තවත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.

රොටර්ඩෑම් අක්ෂි රෝහල විසින් ඇස්වලට තුවාල වූ රෝගීන් 14 දෙනෙකුට ප්‍රතිකාර කර ඇති අතර, ඉන් 10 දෙනෙකුම බාලවයස්කරුවන් වීම විශේෂත්වයකි.

 

fire work 1

මෙවර නව වසර වෙනුවෙන් නෙදර්ලන්ත වැසියන් ඇමරිකානු ඩොලර් මිලියන 151 ක් වැනි වාර්තාගත මුදලක් ගිනිකෙළි සඳහා වියදම් කර තිබෙන බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ අතරතුර බ්‍රෙඩා වැනි ප්‍රදේශවල පොලිසිය සහ හදිසි සේවා නිලධාරීන්ට එරෙහිව ගිනිකෙළි, ගල් සහ පෙට්‍රල් බෝම්බ මගින් එල්ල වූ දරුණු ප්‍රචණ්ඩත්වයක් ද වාර්තා වී තිබේ.

පොලිසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

 

firework 3
නෙදර්ලන්තයේ සාම්ප්‍රදායිකව සිදුකරන මෙම පෞද්ගලික ගිනිකෙළි දැල්වීම් නිසා සෑම වසරකම සිය ගණනක් තුවාල ලබන අතර යුරෝ මිලියන ගණනක දේපළ හානි සිදු වන බව සඳහන්වේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට ගිනිකෙළි අලෙවි කිරීම තහනම් කිරීමට රජය තීරණය කර ඇති අතර, එම තහනම ක්‍රියාත්මක වීමට පෙර අවසන් වරට පාරිභෝගිකයන්ට ගිනිකෙළි අලෙවි කළ වසර ලෙස 2025 වසර සනිටුහන් වන බව සඳහන්වේ.

වෛද්‍යවරුන්, පොලිසිය සහ දේශපාලනඥයන් වසර ගණනාවක් තිස්සේ මෙම තහනම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබිණ.

(hirunews)

මුලාශ්‍ර :

Netherlands police face 'unprecedented' New Year's violence

Fireworks accidents kill 2 in the Netherlands; fire destroys historic Amsterdam church

Source URL : Fireworks accidents kill 2 in the Netherlands; fire destroys historic Amsterdam church | The Standard

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්