leader s

කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද පනවා ඇති බව ය.

පසුගිය වසර 30කට වැඩි කාලය තුළ චීනයේ ‘එක් නිවසකට එක් දරුවෙක්’ නීතියක් ක්‍රියාත්මක කෙරිණි.

කෙසේ වෙතත්, පසුගිය වසර දහය තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීමේ ජාතික සැලසුමේ කොටසක් ලෙස මෙම නව බදු පැනවීමේ අපේක්ෂාවයි.

1993දී චීනය ප්‍රථම වරට වැට් බද්ද හඳුන්වා දුන් දා සිට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බදු අය කර නොතිබුණි.

මුලාශ්‍ර:

Condom tax and cheaper childcare: China's plan to boost birth rates

Why China is making condoms and birth control pills more expensive

China’s ‘condom tax’ sparks backlash as Beijing struggles to reverse population collapse


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්